එකමත් එක ගංගාවක‍Ekamath Eka Gangaawaka

කතෘ සවින්දි ආරියතිලකSavindi Ariyathilake

ප්‍රවර්ගය
පරිවර්තන
ප්‍රකාශකයා
Muses Publishing House

පොත ගැන

ඒ මහා ආශ්චර්යය සිදු වූ වසරේ දීර්ඝතම රාත්‍රියයි.

තේම්ස් නදිය අසබඩ පිහිටි ඉපැරණි ස්වාන් තානායම සුපුරුදු පරිදි නිතර යනෙනවුන්ගේ ඝෝෂාවෙන් පිරී ඉතිරී පැවැතිණි. එක්වරම එහි ඉදිරි දොර හඬනඟා විවර වී, කුටියට ඇතුළුවූවේ, තුවාල ලැබූ ආගන්තුක මිනිසෙකි.

ඉනික්බිති, මරණීය නිහඬතාවය පැතිරිණි. කෙඳිරිල්ලකුදු නෑසිණි.

ආගන්තුකයා දෑතින්ම ඔසවාගෙන සිටියේ, හෝරා ගණනකට පෙර ගඟේ ගිලී මියගිය කුඩා දැරියකගේ මළසිරුරකි.

ඉනික්බිති නොසිතූවක්ම සිදුවිය.

මියගිය දැරිය, යළිත් ජීවය ලැබූ කලෙක පරිද්දෙන් දෑස් විවර කළාය.

එය ආශ්චර්යයක්ද? මායාවක්ද?

ඒ සිඟිති දැරිය කාගේද?

විස්තර

භාෂාව
සිංහල
පිටු
528
ISBN
9786246570354