පිපා ෆිට්ස් – ඇමොයිබිගේ ඝාතන ලිපිගොනුව 2|Pipa Fits Amoibige Ghathana Lipi Gonuwa 2

by නිලේකා ධනංජනී ගුණවර්ධනNilekha Dhananjani Gunawardhana

Category
Translation

About this book

පිපා ෆිට්ස්-ඇමොයිබි යනු තවදුරටත් රහස් පරීක්ෂකවරියක් නොවේ.

පසුගිය වසරේ මුළු නගරයම කැලඹූ ඒ ඝාතන අබිරහස විසඳීමෙන් පසු, පිප් සිය රහස් පරීක්ෂක භූමිකාවට සදහටම සමුදුන්නාය. රවී සිංග් සමඟ එක්ව ඇය ඒ ගැන නිර්මාණය කළ සත්‍ය අපරාධ පොඩ්කාස්ට් වැඩසටහන මේ වනවිටත් අතිශය ජනප්‍රිය වී හමාරය.

එපමණක්ද නොව, තමා යළි කිසි දිනෙක අපරාධ පරීක්ෂණ පසුපස හඹා නොයන බවට ඇය තමාටම තරයේ පොරොන්දු වී සිටියාය. නමුත්, ඇයට ඒ පොරොන්දුව කඩකිරීමට සිදුවෙයි.

පිප්ට ඉතා සමීප, ඇය හොඳින්ම දන්නා හඳුනන කෙනෙකු හදිසියේම අතුරුදන්වීමත් සමග, ඇය යළිත් වරක් ලිට්ල් කිල්ටන් නගරයේ සැඟවුණු අඳුරු රහස් හඹා යෑම අරඹයි.

ඔර්ලෝසුවේ කටු වේගයෙන් කරකැවෙමින් තිබේ.

මෙවර මුළු ලෝකයක්ම ඇගේ පරීක්ෂණයට සවන්දෙමින් සිටී. මේ අතුරුදන් වූ, පිප්ගේ ‘සමීපතමයා‍’ කවරෙක්ද?

පිප්ගේ වැඩසටහනට සවන්දෙන දහස් ගණනක් මිනිසුන් අතර, ඔහුව අතුරුදහන් කළ අපරාධකරුවාද සැඟවී සිටිය හැකිද?

සත්‍යය වෙනුවෙන් සටන් වදින මේ ‘යහපත් දැරියට‍’, අවසානයේදී ගෙවන්නට සිදුවන වන්දිය කුමක් වනු ඇතිද?

මාරාන්තික රහස් එකින් එක දිගහැරෙද්දී, සැබැවින්ම ‘හොඳ සහ නරක’ වෙන්කරන සීමාව කෙමෙන් බොඳ වී යනු ඇතිද?

Details

Language
Sinhala
Pages
477
ISBN
9786246570750