David Karunarathna - ඩේවිඩ් කරුණාරත්න
මා සමග සිරභාරයට පත් වූ ඉංග්‍රීසි ජාතික සිර කරුවන් ගෙන් යටත් පිරිසෙන් එක් කෙනෙකු වත් මට මුණ ගැසෙන විට, මගේ පියාණන් මිය ගොස් පුරා අවුරුද්දක් ඉක්ම ගොස් තිබුණේ ය. අවුරුද්දකට පසු, නිලධාරීන් හට බලවත් ලෙස කන්නලවු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, අපේ කණ්ඩායමේ කෙනෙක් වූ (දැන් මා වැනි සිරකරුවෙකි) ජෝන් ග්‍රැගරි හට මා බලන්නට එන්නට අවසර ලැබුණේ ය. එහෙත්, ඒ පැය විසිහතරකට වැඩි කාලයක් එකට පසුවීමේ තහනම ඇතිව ය. පුරා වර්ෂයකට පසු සහෝදර සිරකරුවකු මුණ ගැසෙන්නට ලැබීම ඇසට රසඳුනක් බඳු විය. එසේම අපගේ මුණ ගැසීම ජෝන් ග්‍රැගරිගේ ද අසමාන ප්‍රසාදය පිණිස විය. මොහු මුණ ගැසෙන තුරු අපේ අනෙක් සිරකරුවන් පිලිබඳ මුදු මහත් කිසිඳු තොරතුරක් දැන ගන්නට ඉඩක් හෝ මගක් මට නො ලැබුණේ ය. එහෙත් ඔවුන් සියලු දෙන ම දවසක ගමනකට දුරින් වාසය කරන බව ඔහුගෙන් දැනගන්නට ලැබිණ. ග්‍රැගරි හට දෙන ලද අවසරය පූර්වාදර්ශයක් ලෙස ගෙන හැර දක්වමින්, මට ද ඔවුන් දකින්නට යන්නට අවසර දෙන ලෙස මම ද කන්නලවු කෙළෙමි. මදක් කල් පසුවී වුව ද එම අවසරය අන්තිමේ දී මට ලැබිණ. ඉතා අසන්නයෙහි ම වාසය කළ ඉංග්‍රීසීකාර මනුෂ්‍යයාගේ නිවසට මම ගියෙමි. මා ඉතා සමාදරයෙන් පිළිගත් හෙතෙම ඊළඟ, දිනයේ දී ඒ ආසන්නයේ වාසය කළ අපගේ මිතුරන් සංක්‍යාවක් ම ඒ නිවසට කැන්දා ගෙන ආවේ ය. අපේ කට්ටිය අටදෙනෙකුගෙන් සමන්විත විය. | මා සමග සිරභාරයට පත් වූ ඉංග්‍රීසි ජාතික සිර කරුවන් ගෙන් යටත් පිරිසෙන් එක් කෙනෙකු වත් මට මුණ ගැසෙන විට, මගේ පියාණන් මිය ගොස් පුරා අවුරුද්දක් ඉක්ම ගොස් තිබුණේ ය. අවුරුද්දකට පසු, නිලධාරීන් හට බලවත් ලෙස කන්නලවු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, අපේ කණ්ඩායමේ කෙනෙක් වූ (දැන් මා වැනි සිරකරුවෙකි) ජෝන් ග්‍රැගරි හට මා බලන්නට එන්නට අවසර ලැබුණේ ය. එහෙත්, ඒ පැය විසිහතරකට වැඩි කාලයක් එකට පසුවීමේ තහනම ඇතිව ය. පුරා වර්ෂයකට පසු සහෝදර සිරකරුවකු මුණ ගැසෙන්නට ලැබීම ඇසට රසඳුනක් බඳු විය. එසේම අපගේ මුණ ගැසීම ජෝන් ග්‍රැගරිගේ ද අසමාන ප්‍රසාදය පිණිස විය. මොහු මුණ ගැසෙන තුරු අපේ අනෙක් සිරකරුවන් පිලිබඳ මුදු මහත් කිසිඳු තොරතුරක් දැන ගන්නට ඉඩක් හෝ මගක් මට නො ලැබුණේ ය. එහෙත් ඔවුන් සියලු දෙන ම දවසක ගමනකට දුරින් වාසය කරන බව ඔහුගෙන් දැනගන්නට ලැබිණ. ග්‍රැගරි හට දෙන ලද අවසරය පූර්වාදර්ශයක් ලෙස ගෙන හැර දක්වමින්, මට ද ඔවුන් දකින්නට යන්නට අවසර දෙන ලෙස මම ද කන්නලවු කෙළෙමි. මදක් කල් පසුවී වුව ද එම අවසරය අන්තිමේ දී මට ලැබිණ. ඉතා අසන්නයෙහි ම වාසය කළ ඉංග්‍රීසීකාර මනුෂ්‍යයාගේ නිවසට මම ගියෙමි. මා ඉතා සමාදරයෙන් පිළිගත් හෙතෙම ඊළඟ, දිනයේ දී ඒ ආසන්නයේ වාසය කළ අපගේ මිතුරන් සංක්‍යාවක් ම ඒ නිවසට කැන්දා ගෙන ආවේ ය. අපේ කට්ටිය අටදෙනෙකුගෙන් සමන්විත විය.