තිලානි ප්‍රියංවදා - Thilani Priyanwada | තිලානි ප්‍රියංවදා - Thilani Priyanwada
හන්තාන පාමුලේ පිපුණ මල් හෙවණ යට හවස හුදෙකලාවක ලියූ කවි පේළිවල කහ පාට ඇස්වලින් කීව රස කතාවක් කවි පොතේ පිටු අස්සේ හැංගුවා ලියා මං විහංසා ඈත ඇවිද යන අයුරු ඔහු තවමත් බලා හිඳියි.කහ මල් ගස්වල මල් වැටී පාර වැසී ඇත. ඒ මැදින් ඇය හෙමින් ඇවිද යයි.ඉණ ලඟට වැවී තිබුණ ළා දුඹුරු පැහැ කොණ්ඩය හෙමින් දෙපසට වැනෙයි.ලස්සනට වියූ රතු පැහැති රෙදි බෑගයක් ඇය වම් උරහිසේ එල්ලාගෙන හිඳියි. මෙය හැඩට අඳින සිත්තරයෙකුගේ පින්සල් තුඩකට කදිම සිතුවමක් වනු ඇතැයි ඔහුගේ සිත කියයි. | හන්තාන පාමුලේ පිපුණ මල් හෙවණ යට හවස හුදෙකලාවක ලියූ කවි පේළිවල කහ පාට ඇස්වලින් කීව රස කතාවක් කවි පොතේ පිටු අස්සේ හැංගුවා ලියා මං විහංසා ඈත ඇවිද යන අයුරු ඔහු තවමත් බලා හිඳියි.කහ මල් ගස්වල මල් වැටී පාර වැසී ඇත. ඒ මැදින් ඇය හෙමින් ඇවිද යයි.ඉණ ලඟට වැවී තිබුණ ළා දුඹුරු පැහැ කොණ්ඩය හෙමින් දෙපසට වැනෙයි.ලස්සනට වියූ රතු පැහැති රෙදි බෑගයක් ඇය වම් උරහිසේ එල්ලාගෙන හිඳියි. මෙය හැඩට අඳින සිත්තරයෙකුගේ පින්සල් තුඩකට කදිම සිතුවමක් වනු ඇතැයි ඔහුගේ සිත කියයි.