Map of Bones - මැප් ඔෆ් බෝන්ස්

Map of Bones - මැප් ඔෆ් බෝන්ස්

පාලිත ජයකොඩි - Palitha Jayakodi

LKR 1,955.00LKR 2,300.00-15%
In Stock
Description

ජර්මනියේ දේවස්ථානයක, බැතිමතුන් දහස් ගණනින් සහභාගි වන දේවමෙහෙයක් අතරතුර එහි කඩාවදින, පූජක ඇඳුමින් වෙස් වළාගත් ප්‍රහාරකයන් පිරිසක් අතින් මිනිස් සංහාරයක් හා මහා විනාශයක් සිදුවන්නේ බියකරු සිහිනයකින් පවා අපේක්ෂා කළ නොහැකි අන්දමිනි. එහෙත් මේ මිනීමරුවන් පැමිණ තිබෙන්නේ රත්රන් කොල්ලකනු පිණිස නොවේ; ඔවුන් සොයනුයේ ඊටත් වඩා වැඩි වටිනාකමකින් යුතු යම් දෙයකි. එනම්, අලූත උපන් ජේසු බිලිඳු වන්දනය පිණිස එහි ගිය රජවරුන් තිදෙනාගේ අස්ථිය. එය ලෝකය අලුතින් බිහිකළ හැකි තරමේ බලගතු නිධානයකි. වතිකානුව මේ මහා නස්පැත්තියේ ගිලීයද්දී, සිග්මා බළකාය ඒ ක්‍රියාන්විතයට එක්වෙයි. ග්‍රේසන් පියර්ත්ගේ නායකත්වය යටතේ විද්‍යාත්මක හා විශේෂ බළකා ශූරයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්, රෝමයේ කැරිබිනේරි පොලිසියේ ලුතිනන් රේචල් වෙරෝනා සමඟ එක්වෙයි. ඉපැරණි ලෝකයේ පුදුම හත පිහිටි ස්ථාන හරහා මේ දරුණු අබිරහස පසුපස කෙරෙන හඹා යෑම අවසන් වන්නේ, එක්තරා බිහිසුණු, අද්භූත හා පැරැණි රහස් නිකායක දොරපත්ත අබිමුවය. එහි සිටිනුයේ, සොරාගත් එකී වටිනා නිධානය සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනස් කරනු පිණිස බිහිසුණු සැලසුම් නිර්මාණය කරමින් සිටි පිරිසකි. මෙකී භීෂණය විසඳනු වස්, විද්‍යාවත් - ආගමත් මෙසේ එකට එක් වූ අවස්ථාවක් ගැන ඉතිහාසයේ මින් පෙර කිසිදු දවසක අසන්නට ලැබී තිබුණේ නැත. | ජර්මනියේ දේවස්ථානයක, බැතිමතුන් දහස් ගණනින් සහභාගි වන දේවමෙහෙයක් අතරතුර එහි කඩාවදින, පූජක ඇඳුමින් වෙස් වළාගත් ප්‍රහාරකයන් පිරිසක් අතින් මිනිස් සංහාරයක් හා මහා විනාශයක් සිදුවන්නේ බියකරු සිහිනයකින් පවා අපේක්ෂා කළ නොහැකි අන්දමිනි. එහෙත් මේ මිනීමරුවන් පැමිණ තිබෙන්නේ රත්රන් කොල්ලකනු පිණිස නොවේ; ඔවුන් සොයනුයේ ඊටත් වඩා වැඩි වටිනාකමකින් යුතු යම් දෙයකි. එනම්, අලූත උපන් ජේසු බිලිඳු වන්දනය පිණිස එහි ගිය රජවරුන් තිදෙනාගේ අස්ථිය. එය ලෝකය අලුතින් බිහිකළ හැකි තරමේ බලගතු නිධානයකි. වතිකානුව මේ මහා නස්පැත්තියේ ගිලීයද්දී, සිග්මා බළකාය ඒ ක්‍රියාන්විතයට එක්වෙයි. ග්‍රේසන් පියර්ත්ගේ නායකත්වය යටතේ විද්‍යාත්මක හා විශේෂ බළකා ශූරයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්, රෝමයේ කැරිබිනේරි පොලිසියේ ලුතිනන් රේචල් වෙරෝනා සමඟ එක්වෙයි. ඉපැරණි ලෝකයේ පුදුම හත පිහිටි ස්ථාන හරහා මේ දරුණු අබිරහස පසුපස කෙරෙන හඹා යෑම අවසන් වන්නේ, එක්තරා බිහිසුණු, අද්භූත හා පැරැණි රහස් නිකායක දොරපත්ත අබිමුවය. එහි සිටිනුයේ, සොරාගත් එකී වටිනා නිධානය සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනස් කරනු පිණිස බිහිසුණු සැලසුම් නිර්මාණය කරමින් සිටි පිරිසකි. මෙකී භීෂණය විසඳනු වස්, විද්‍යාවත් - ආගමත් මෙසේ එකට එක් වූ අවස්ථාවක් ගැන ඉතිහාසයේ මින් පෙර කිසිදු දවසක අසන්නට ලැබී තිබුණේ නැත.

CategoryNovels
LanguageSinhala
ISBN9786246570071

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00