
hansi medya
සිය පවුල් පරිසරයේ වන අනේක ගැටුම් මධ්‍යයේ හැදී වැඩුණු ලිලී, බොස්ටන් කරා පැමිණෙන්නේ තමා සිහින මැවූ ස්වාධීන ජීවිතය ගොඩනඟාගැනීමටයි. එහෙත් තරුණ, කඩවසම් ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන රයිල් කින්කේඩ් මුණගැසීමත් හා සමඟ සියල්ල වෙනස් වේ. ප්‍රේම සබඳතා කෙරෙහි අතිශය අකමැත්තක් දක්වන රයිල්ගේ සිත ඇද-බැඳගැනීමට ලිලී සමත් වන්නීය. එහෙත් සියල්ල යහපත් ලෙසින් සිදුවෙමින් පවතින විට, ලිලීගේ අතීතය ඇයට යළි සිහිගන්වමින් ඇගේ ප්‍රථම ප්‍රේමය වූ ඇට්ලස් කොරිගන් අහඹුවකින් ඇයට හමුවේ. ඔවුන්ගේ ඒ හමුවීමෙන් තමා වළදැමූයේ යැයි ලිලී සිතූ හැඟීම් හා අභියෝග යළිත් ඇය අබිමුවට ගෙන එනු ලබයි.