Oscar Wilde Jeewitha Kathawa - ඔස්කා වයිල්ඩ් ජීවිත කතාව

Oscar Wilde Jeewitha Kathawa - ඔස්කා වයිල්ඩ් ජීවිත කතාව

Somapala Mallawaarachchi - සෝමපාල මල්ලවආරච්චි

LKR 940.00LKR 1,100.00-15%
Out of Stock
Out of Stock
Description

හෙස්කත් පියර්සන් නම් වූ ඉංගී‍්‍රසි ලේඛකයා මෙම ග‍්‍රන්ථයේ ප‍්‍රස්තුත ඔස්කා වයිල්ඩ් කලාකරුවාගේ සමකාලීනයෙකි. ඔහු ඇසුරු කළ මිත‍්‍රයෙක් ද වෙයි. එහෙත් ඔස්කා වයිල්ඩ්ගේ අභාවයෙන් වසර හතළිස් හයකට පසුව පළ කරන ලද 'The Life of Oscar Wild' නමැති මෙම කෘතිය සම්පාදනය සදහා හෙස්කත් පියර්සන් පරිශීලනය කර ඇති වයිල්ඩ් චරිතාපදාන ග‍්‍රන්ථ සංඛ්‍යාව අතිවිශාලය. ඔස්කා වයිල්ඩ්ගේ සාහිත්‍ය පෝෂණ කි‍්‍රයාවලිය තුළ ඔහු ලියූ නාට්‍ය කෘතීන් කීපයත් නව ප‍්‍රබන්ධ කථා අතළොස සහ ළමා කථා සංඛ්‍යාව අබිබවා ගිය කථා ප‍්‍රමාණයක් ඔහු විසින් දේශන විලාශයෙන් ශ‍්‍රාවකයනට පවසා තිබේ. ජීවමාන අවධියෙහි දී ඔස්කා වයිල්ඩ් වඩාත් ජනපි‍්‍රයත්වයට පත් වූයේ ඔහු විසින් එංගලන්තය, උතුරු අමෙරිකා මහාද්වීපය සහ ප‍්‍රංශය වැනි දේශයන්හි එසේ පවත්වා ඇති රසාලිප්ත දේශන මාලාවන් නිසාමය. එහෙත් බි‍්‍රතාන්‍යයේ සුප‍්‍රකට නාට්‍යාගාර සංකීර්ණය වූ ‘හේ මාකට්’හි වේදිකා ගත වූ ‘ද ලේඩි වින්ඩර්මියර්ස් ෆෑන්’, ද ඉම්පෝටන්ස් ඔෆ් බීංග් අර්නස්ට්’, ‘ද ලෝර්ඩ් ආතර් සැවීල්ස් ක‍්‍රයිම්ස්’, ‘අ වුමන් ඔෆ් නෝ ඉම්පෝටන්ස්’ වැනි වේදිකා නාට්‍යය කීපය නිසාම ඔහු ප‍්‍රහසන නාට්‍ය ක්‍ෂේත‍්‍රයෙහි අද්විතීය ස්ථානයකට පත්වෙයි. ඔස්කා වයිල්ඩ් නම් වූ අප අගයන ශ්‍රේෂ්ඨ කලාකරුවා, තම අසාමාන්‍ය ජීවන පැවැත්මට සම්බන්ධ ලේඛනයක් හේතුවෙන් දෙවසරක සිරදඩුවමක් විදීමෙන් අනතුරුව ප‍්‍රංශයට සංක‍්‍රමණය වී ටික කලකට පසුව 1899 වසරේ නොවැම්බර් මස 30 වැනි දින, පැරීසියේ ‘බැග්නියෝ’ නමැති ප‍්‍රත්‍යන්ත සුසානභූමියේ මිහිදන් වීය. ඊට වසර නවයකට පසුව වයිල්ඞ් දේහය වඩාත් ගරුසරු සහිතව දෙවන වරටත් තැන්පත් කරනු ලැබුණේ එරට ගෞරවනීය වියතුන් රැසක් මිහිදන් කරන ලද ‘පෙරේ ලැෂායි’ නමැති සුප‍්‍රකට සොහොන් බිමෙහි ය. සොහොන්කොත්වල ප‍්‍රදර්ශනය වන්නා වූ අනුස්මරණ වාක්‍යයන්හි (Epitaphs) ඇති ඒකාකාරී බව ගැන තම මිත‍්‍ර රොබර්ට් රොස් කවියා සමග සාකච්ඡා කළ ඔස්කා වයිල්ඩ් අනාගතයේ දිනක තම සොහොනේ පහත සදහන් කාව්‍යමය වගන්තිය සටහන් කර තබන ලෙස ඉල්ලා ඇත්තේ ඔහු මිය යෑමට බොහෝ කලකට පෙරිනි. වැයෙනා විටදි අන්තිම කාහල නාදේ අප සුව පහසු සෙල් අසුනක නේ පැහැතී රොබී, මම හැරී කොදුරමි කනට ඔබේ ”අපි ඉමු නෑසුණා සේ ඒ හඩ මිහිරී” එහෙත් අවාසනාවට නම් අද වන තුරු මෙම පාඨය ඔහුගේ සොහොන් කොතෙහි දක්නට නොමැති වීමය. නවකථාවක් කියවනවා සේ රසවිදිය හැකි ආකාරයට මෙය පාඨකයා අතට පත්කිරීමට පරිවර්තක සෝමපාල මල්ලවආරච්චි මහතා ගෙන ඇති උත්සාහය අති සාර්ථකය. | හෙස්කත් පියර්සන් නම් වූ ඉංගී‍්‍රසි ලේඛකයා මෙම ග‍්‍රන්ථයේ ප‍්‍රස්තුත ඔස්කා වයිල්ඩ් කලාකරුවාගේ සමකාලීනයෙකි. ඔහු ඇසුරු කළ මිත‍්‍රයෙක් ද වෙයි. එහෙත් ඔස්කා වයිල්ඩ්ගේ අභාවයෙන් වසර හතළිස් හයකට පසුව පළ කරන ලද 'The Life of Oscar Wild' නමැති මෙම කෘතිය සම්පාදනය සදහා හෙස්කත් පියර්සන් පරිශීලනය කර ඇති වයිල්ඩ් චරිතාපදාන ග‍්‍රන්ථ සංඛ්‍යාව අතිවිශාලය. ඔස්කා වයිල්ඩ්ගේ සාහිත්‍ය පෝෂණ කි‍්‍රයාවලිය තුළ ඔහු ලියූ නාට්‍ය කෘතීන් කීපයත් නව ප‍්‍රබන්ධ කථා අතළොස සහ ළමා කථා සංඛ්‍යාව අබිබවා ගිය කථා ප‍්‍රමාණයක් ඔහු විසින් දේශන විලාශයෙන් ශ‍්‍රාවකයනට පවසා තිබේ. ජීවමාන අවධියෙහි දී ඔස්කා වයිල්ඩ් වඩාත් ජනපි‍්‍රයත්වයට පත් වූයේ ඔහු විසින් එංගලන්තය, උතුරු අමෙරිකා මහාද්වීපය සහ ප‍්‍රංශය වැනි දේශයන්හි එසේ පවත්වා ඇති රසාලිප්ත දේශන මාලාවන් නිසාමය. එහෙත් බි‍්‍රතාන්‍යයේ සුප‍්‍රකට නාට්‍යාගාර සංකීර්ණය වූ ‘හේ මාකට්’හි වේදිකා ගත වූ ‘ද ලේඩි වින්ඩර්මියර්ස් ෆෑන්’, ද ඉම්පෝටන්ස් ඔෆ් බීංග් අර්නස්ට්’, ‘ද ලෝර්ඩ් ආතර් සැවීල්ස් ක‍්‍රයිම්ස්’, ‘අ වුමන් ඔෆ් නෝ ඉම්පෝටන්ස්’ වැනි වේදිකා නාට්‍යය කීපය නිසාම ඔහු ප‍්‍රහසන නාට්‍ය ක්‍ෂේත‍්‍රයෙහි අද්විතීය ස්ථානයකට පත්වෙයි. ඔස්කා වයිල්ඩ් නම් වූ අප අගයන ශ්‍රේෂ්ඨ කලාකරුවා, තම අසාමාන්‍ය ජීවන පැවැත්මට සම්බන්ධ ලේඛනයක් හේතුවෙන් දෙවසරක සිරදඩුවමක් විදීමෙන් අනතුරුව ප‍්‍රංශයට සංක‍්‍රමණය වී ටික කලකට පසුව 1899 වසරේ නොවැම්බර් මස 30 වැනි දින, පැරීසියේ ‘බැග්නියෝ’ නමැති ප‍්‍රත්‍යන්ත සුසානභූමියේ මිහිදන් වීය. ඊට වසර නවයකට පසුව වයිල්ඞ් දේහය වඩාත් ගරුසරු සහිතව දෙවන වරටත් තැන්පත් කරනු ලැබුණේ එරට ගෞරවනීය වියතුන් රැසක් මිහිදන් කරන ලද ‘පෙරේ ලැෂායි’ නමැති සුප‍්‍රකට සොහොන් බිමෙහි ය. සොහොන්කොත්වල ප‍්‍රදර්ශනය වන්නා වූ අනුස්මරණ වාක්‍යයන්හි (Epitaphs) ඇති ඒකාකාරී බව ගැන තම මිත‍්‍ර රොබර්ට් රොස් කවියා සමග සාකච්ඡා කළ ඔස්කා වයිල්ඩ් අනාගතයේ දිනක තම සොහොනේ පහත සදහන් කාව්‍යමය වගන්තිය සටහන් කර තබන ලෙස ඉල්ලා ඇත්තේ ඔහු මිය යෑමට බොහෝ කලකට පෙරිනි. වැයෙනා විටදි අන්තිම කාහල නාදේ අප සුව පහසු සෙල් අසුනක නේ පැහැතී රොබී, මම හැරී කොදුරමි කනට ඔබේ ”අපි ඉමු නෑසුණා සේ ඒ හඩ මිහිරී” එහෙත් අවාසනාවට නම් අද වන තුරු මෙම පාඨය ඔහුගේ සොහොන් කොතෙහි දක්නට නොමැති වීමය. නවකථාවක් කියවනවා සේ රසවිදිය හැකි ආකාරයට මෙය පාඨකයා අතට පත්කිරීමට පරිවර්තක සෝමපාල මල්ලවආරච්චි මහතා ගෙන ඇති උත්සාහය අති සාර්ථකය.

CategoryNovels
LanguageSinhala
ISBN9789553311191

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00