
Ariyarathna Chandrawansa - ආරියරත්න චන්ද්‍රවංශ
එක් ගැහැනියක් මෙසේ කියන්නීය. “ මා වාඩි වුණේ මගේ ඇදුම වගේම ඇදුමක් ඇද සිටි ගැහැනියක් ළඟ නම්, මම එවලේම මැරෙනවා. ඊට වැඩිය නරක දෙයක් තවත් නම් මට නැහැ.” ඇය සැබවින්ම “ ඊට වැඩිය නරක දෙයක් නැහැ” යි අදහස් කරන්නෙ නැත. මැරෙන්න බලාපොරොත්තු වන්නෙත් නැත. නමුත් වචන වල නියම අර්ථයෙන් තේරුම් ගන්නා ‘පිරිමි මනස’ ප්‍රතිචාර දක්වන්නෙ “ නැහැ ඔබ මැරෙන්න එපා. ඔයිට වඩා නරක බොහෝ දේවල් තියෙනවා” යනුවෙනි. එය ගැහැනියට සිනා ඉපදවීමට කරුණකි. එසේම ගැහැනිය ඉගෙන ගත යුතු දේ නම් ඇය පිරිමි සමග විවාද කරනා විට ඔහුට වැටහෙන පරිදි එය තර්කානුකූලව කළ යුතු බවයි.