Seethalen Seetha Vuna Seetha Samaya - සීතලෙන් සීත වුණ සීත සමය

Seethalen Seetha Vuna Seetha Samaya - සීතලෙන් සීත වුණ සීත සමය

Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

LKR 1,360.00LKR 1,600.00-15%
Out of Stock
Out of Stock
Description

සීතල අන්ධකාරය යළිත් පැමිණ තිබිණි. වහලයේ ඇණ තුහිනවලින් සුදු පැහැ ගැන්වී තිබූ අතර ජනෙල් වීදුරු අළු පැහැති විය. එහි සිදුරක් සාදා ගත් විට දැකගත හැකි වූයේ වීදුරුවෙන් අනික් පැත්තේ ඇති වේගයෙන් කැරකෙන තනි සුදු පැහැය පමණි. ශක්තිමත් නිවස වෙවුලන්නටත්, සෙලවෙන්නටත් විය. සුළග ඝෝරනාද කළේය. උඩු බිරුවේය. අම්මා ගොතන ලද පාපිසි දොරවල් යටට තද කොට තැබූ නමුත් සීතල බඩගාමින් ඇතුළට ආවේය. අප්පච්චි උදේ හා සවස රෙදි වැළ අල්ලාගෙන ඉස්තාලයට ගොස් අශ්වයින්ට, එළදෙනට හා වස්සාට කන්නට දුන්නේය. ඔහුට වියළි තණකොළ පිරිමසා ගැනීමට සිදුවිය. ඔහු කොතරම් සීතලෙන් ගෙතුළට ආවේද යත් ඔහුට උණුසුම් වීම අසීරු විය. උදුන ඉදිරිපිට වාඩිවන ඔහු ග්‍රේස්ව සිය දණහිස මත හිඳුවාගෙන කේරිවත් සමීපයට ගෙන, මේරිට හා ලෝරාට කියා තිබූ වලසුන් සහ අදුන් දිවියන් ගැන කතාන්දර කීවේය. ඉන්පසු සන්ධ්‍යාවේදී සිය රවුකිඤ්ඤය ගත් ඔහු ප්‍රීතිමත් තාල වාදනය කළේය. පිටත කාමරයේ ගොඩ ගසා තිබූ අඟුරු සියල්ලම වාගේ අවසන් වී ඇති බව ලෝරා දැන සිටියාය. නගරයේ තවත් අඟුරු නැත. ඔවුන් රෑ කෑම කන වේලාවට පමණක් අම්මා ලාම්පුව පත්තු කළද ඒහි තෙල් අඩු වී ගොස් තිබිණි. දුම්රිය එන තුරු මස් ලැබෙන්නේ නැත. නිවසේ බටර් නොවූ අතර පාන්වල තැවරීම සඳහා මස්වලින් ගත් තෙල් ස්වල්පයක් පමණක් ඉතිරි වී තිබිණි. නිවසේ අර්තාපල් තිබූ නමුත් තවත් එක පාන් ගෙඩියක්වත් පිලිස්සීම සදහා පිටි තිබුණේ නැත. ~ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හය වැනි කොටස ~

Related Books

මහල්ලා  සහ මුහුද
Out of Stock
Children
මහල්ලා සහ මුහුද

Soma T Perera - සෝමා ටී පෙරේරා

LKR 250.00
පුංචි ගැහැණු ළමයි20%
Out of Stock
Children
පුංචි ගැහැණු ළමයි

Janapriya Jayasinghe - ජනප්‍රිය ජයසිංහ

LKR 320.00LKR 400.00
ජිමී සහ පොලියානා14%
Out of Stock
Children
ජිමී සහ පොලියානා

Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ (Eleanor H Porter)

LKR 650.00LKR 760.00
හයිඩි10%
Children
හයිඩි

සෝමා ටී පෙරේරා

LKR 540.00LKR 600.00