අන්ධකාරයේ ගීතයAndakarayea geethaya

කතෘ දිල්හාරා සන්දීපනීDilhara Sandeepani

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

සීතල සුළඟක් නොනැවතී හමමින් තිබුණේ කුණාටුවකට පෙර නිමිති කියන්නාක් මෙනි. එම සුළඟ සමඟින් එහා මෙහා පාව විසිර යන රතු රෝස පෙති අතර ඇඩලයින් භීතියෙන් ගල් ගැසී සිටගෙන බලා උන්නාය.

එකෙණෙහිම ඈ ඌව දුටුවාය. ඇයට මඳක් ඉදිරියෙන් ගල් පාර මත සුරතල් බළලා තම සිව් පාදයන් නවාගෙන ඒ මත හාන්සි වී සිටියේය. ඌ අසළම කළු පැහැති ඝන කවරයකින් යුතු පොතක් විය. එම කවරය මධ්‍යයෙහි රිදී පැහැයෙන් සංකේත හතරක් සටහන්ව තිබූ අතර පොතේ උඩින්ම එහි නම ලියා තිබිණි.

"අන්ධකාරයේ ගීතය”

විස්තර

භාෂාව
සිංහල
ISBN
9726846523176