
Kethaki Amanda
බර්මියුඩා ත්‍රිකෝණය, එසේත් නැතිනම් යක්ෂයාගේ ත්‍රිකෝණය සාගරයේ පවතින හුදෙක් එක් සීමාවක් පමණක්ම ද? එතූළ පවතින්නේ මොනවා ද? මායාකරුවන්, මකරුන් හා අනෙකුත් මිත්‍යා සතූන් එහි ජීවත්වන්නේ නම්… පෘථිවිය බිහිවූ අවස්ථාවේ විශ්වයේ පැවති ශක්තිය ශාක හා සතූන් අතර අඩු වැඩි වශයෙන් බෙදී ගිය අතර, ඒ හේතුවෙන් ශාක හා සතූන්ට සාමාන්‍ය ප්‍රභේදයට අමතරව මායා ප්‍රභේදයක් හිමි විය. ඒ අනුව හිම වලසාගේ මායා ප්‍රභේදය යෙටී ලෙසත්, සිංහයාගේ ග්‍රිෆින් ලෙසත්, ගවයාගේ මැන්ටිකෝර් ලෙසත්, වෘකයාගේ නර වෘකයා ලෙසත් වෙන් වූ අතර, ඔබ අනුමාන කළ පරිදි මිනිසාගේ මායා ප්‍රභේදය මායාකරුවෝ වූහ.