
Darshana Shammi Wijetilaka - දර්ශනා ශම්මි විජේතිලක
මට මේවා උහුලන්න බෑ නෝනෙ... තමන් පියෙක් වුණ දවසට තේරේවි දරු දුක. කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියලා දෙයක් නැහැ නෙව' වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහලා බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නො කළේය. කුඩා දවසේදීත් කොයි තරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේ ය. සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේවලින් පුරවයි. අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි. දරුවන් වෙනුවෙන් ඒ තරමට ම නැහුණ තාත්තට සැනසීමක් වෙන විදියට පොඩීට ඉන්න බැරි ඇයි දැයි ඇයට සිතාගන්න බැරිය. එක අතකින් අනික් දරුවන්ගෙන් ලැබෙන සැනසීම ලොකු දෙයකි. | මට මේවා උහුලන්න බෑ නෝනෙ... තමන් පියෙක් වුණ දවසට තේරේවි දරු දුක. කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියලා දෙයක් නැහැ නෙව' වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහලා බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නො කළේය. කුඩා දවසේදීත් කොයි තරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේ ය. සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේවලින් පුරවයි. අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි. දරුවන් වෙනුවෙන් ඒ තරමට ම නැහුණ තාත්තට සැනසීමක් වෙන විදියට පොඩීට ඉන්න බැරි ඇයි දැයි ඇයට සිතාගන්න බැරිය. එක අතකින් අනික් දරුවන්ගෙන් ලැබෙන සැනසීම ලොකු දෙයකි.