ගජගාGajaga

කතෘ චූලාභය ශාන්ත කුමාර හේරත්Chulabhaya Shantha Kumara Herath

ප්‍රවර්ගය
නවකතා
ප්‍රකාශකයා
surasa - සුරස

පොත ගැන

"උඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද”

"ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නෙ.”

"උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනැ නැද්ද?”

“ගෑනියෙකුට ජීවිතේ ගැට ගහගන්න ඕනැ

පිරිමියෙක් නෙවෙයි බං...හොඳ හයිය හිතක්...

ඔය හුඟක් ගෑනු ගොඩ ගිහින් තියෙන්නෙ උන්ගෙ

මිනිස්සු හින්දා නෙවෙයි... උන්ගෙ හිත් හයිය හින්දා...

මටත් දැන් තියෙන්නෙ හුඟක් හයිය හිතක්...

මට පුළුවන් තනියම මේ දරුවත් එක්ක

ජීවිතේ ගොඩ දාගන්න.”

"ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා

පුරුදු වෙච්චි ගෑනියෙකුට තනියම ජීවත් වෙන එක

ටිකක් අමාරුයි.”

“මම ආය කසාදයක් බඳින්නෙ නෑ.”

"කවුද බං කසාද මඟුලක් ගැන කිව්වෙ."

"එහෙනං.?"

"උඹ ඒක හිතා ගනින්.”

විස්තර

භාෂාව
සිංහල
පිටු
352
ISBN
9786242042855