ගෑනු දෙන්නෙක්Ganu Dennek

කතෘ රොමානා බන්නැහැකRomana Banneheka

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

මෙවන්ට ටික වෙලාවක් වැටිලා ඉන්ට ඇරලා මම නාන කාමරේට ගිහින් ශවර් එක ඇරියා. එහෙම්මම ශවර් එක යට හිටගෙන Bruce ගෙ I am on fire ප්ලේ වෙන්ට දැම්මා. මට ආයම වතාවක් තෙතම තෙත මේ ඇඟ අරන් ගිහින් මෙවන් ගෙ ඇග උඩට වැටෙන්නයි ඕන වෙලා තිබ්බෙ. ඇස් දෙක පියාගෙන මෙවන්ව මතක්කර ගත්තා. මං ඉවර වෙන්නෙ නැති ශෘංගාරයක නතර වෙලා ඉන්නෙ කියලා විතරක් මට තේරුණා.

එයා එන්ට පටන් ගත්තට පස්සෙ සාලෙට වගේම බැල්කනියටත් ලා එළියක් තියන බල්බි වැටුණා. මහ පාන්දරත් අපි දෙතුන් ගමන කෝපි බිබී බැල්කනියෙ වැටිලා හිටියා. ගෙදරදි අඩුවෙන් ඇඳුම් අඳින්ට පුරුදු උනා. එයා මගෙ ඇගේ හැම සියුම් රේඛාවක්ම දිහා පාඩුවෙ බලන් හිටියා. පපුවෙන් පහළට බේරෙන කොණ්ඩ කැරලි අස්සේ මූණ හංගන් හිටියා.

සිකුරාදා හවස මෙවන් එනවා කියලා මැසේජ් එක දකින කොට මගෙ ඇස් සතුටෙන් නටන්ට පුරුදු වෙලා හිටියා.

එහෙම සිකුරාදාවක,

“your face would look better between my legs..” කියලා මං මැසේජ් එකක් යැව්වා.

“babe, I swear I won’t stop until your neighbours know my name…’ ඉමෝජි ගොඩක් එක්ක පිළිතුරු ලැබුණා.

විස්තර

භාෂාව
සිංහල
පිටු
184
ISBN
9786246417338