
සුරේඛා සමරසේන - Surekha Samarasena
ගෑනි ගියේ බල්ලා පස්සෙ.මං ගියේ ගෑනි පස්සෙ.මන් හිතන්නේ අපි එකා පස්සෙ එකා රවුන් තුනක් විතර ඇවිද්දා.හතරවැනි රවුම පටන් ගන්න හදනකොට තමයි 'බල්ලා' පිස්සු නැටුවේ.ඌ එක පාරටම යාබද 'ට්‍රැක් එකේ' තවත් ගෑනියෙක් එක්ක ඇවිදිමින් හිටිය බැල්ලියෙක් පස්සේ වැටුනා.ඒත් එක්කම පිරිමි බල්ලා ගෑනිගේ 'කන්ට්‍රෝල් එකෙන්' මිදුණා.ගෑනිගේ ඉංග්‍රීසි කමාන්ඩ්ස් එකකටවත් බල්ලා නෙමෙයි නැවතුනේ.ඒ වෙලාවෙදි මට අහන්න සිද්ධ වුණා 'මේ අයි හෙල්ප් යූ මෑම්' කියලා.