අයිස් හන්ට්Ice Hunt

කතෘ මංජුල දිසානායකManjula Dissanayake

ප්‍රවර්ගය
නවකතා
ප්‍රකාශකයා
Muses Publishing House

පොත ගැන

පෘථිවියේ උත්තර ධ්‍රැවයේ අයිස් වැස්ම තුළ වැළලුණු, අමෙරිකා එක්සත් ජනපදය මෙන් දෙගුණයක් තරම් විශාල පාවෙන අයිස් දූපතක් හාරා කළ රහසිගත විද්‍යාගාරයකි, ග්‍රෙන්ඩල් අයිස් නැවතුම’. සෝවියට් සංගමය සමයේ ව්ලැව්ලැඩ්මීර් පෙට්කොෆ් නමැති විද්‍යාඥයෙක් ජීවිතයත් මරණයත් අතර රැහැන බොඳ කර, සදාකාලික ජීවය අත්කර ගැනීමේ අද්විතීය පරීක්ෂණයක නිරත වෙයි.

එහෙත් මේ විද්‍යාඥයා ඇතුළු සෙසු පිරිස සමඟ හදිසියේ අතුරුදන් වන ග්‍රෙන්ඩල් අයිස් නැවතුම වසර හැත්තෑවකට පසු අහම්බෙන් මෙන් සොයාගනු ලබන්නේ, 'පෝලා සෙන්ටිනල්' නම් අමෙරිකානු සබ්මැරීනය විසිනි. එහි දී ඔවුන්ට මේ සැඟවුණු විද්‍යාගාරය තුළ තවමත් ජීවය පවතින යමක් නිරීක්ෂණය වෙයි. මේ අතර තම පියාගේ පරීක්ෂණ ප්‍රතිඵල සියතට ගැනීමට වෙහෙසෙන ව්ලැඩ්මීර් පෙට්කොෆ්ගේ පුත් අද්මිරාල් වික්ටර් පෙට්කොෆ් අයිස් නැවතුම සොයා එයි. තම පියාගේ නිධානය ලබාගෙන, අයිස් නැවතුම ඇතුළු උත්තර ධ්‍රැවය විනාශ කිරීම ඔහුගේ අරමුණයි. අයිස් නැවතුමේ බිත්ති අතර සිරවුණු අබිරහස සොයා එන අමෙරිකානුවන් සහ රුසියානු හමුදාව අතර මාරක සටන ඇරඹෙනුයේ එතැන් සිටයි.

විස්තර

භාෂාව
සිංහල
පිටු
599
ISBN
9786245579594