
සුරත් ද මැල් - Surath De Mel
‛ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි. “ළමා කතා කියලා ජාතියක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‛හොඳ ළමයෙක් වෙයන් පුතේ' කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්න මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක. පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය වෙන දේවලට අපි බය නොවෙන එක. අවාසිය තමයි එයාලා බය නොවෙන දේවලට අපි බය වෙන එක. ළමයෙක් වුණාම ඕන දෙයක් නොවැටහුණා වගේ ඉන්න පුළුවන්. අවාසනාවකට ගොඩක් ළමයින්ට ඒක වැටහෙන්නෙ නෑ. වැඩිහිටියෝ බලාගෙන ඉන්නේ එයාලා කියන කරන දේවල් තේරුම් යන තරමට අපි උස්මහත් වෙනකම්. අපේ තරමට ඇවිත් අපිව වටහා ගන්න එයාලා නෙමෙයි උත්සාහ කරන්නේ. මේ පොතේ තියෙනවා මෙතෙක් මානවයා ගැන හෙළි නොවුණු රහස්. විශේෂයෙන්ම ළමයා කියන පොඩි සතා ගැන” | ‛ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි. “ළමා කතා කියලා ජාතියක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‛හොඳ ළමයෙක් වෙයන් පුතේ' කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්න මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක. පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය වෙන දේවලට අපි බය නොවෙන එක. අවාසිය තමයි එයාලා බය නොවෙන දේවලට අපි බය වෙන එක. ළමයෙක් වුණාම ඕන දෙයක් නොවැටහුණා වගේ ඉන්න පුළුවන්. අවාසනාවකට ගොඩක් ළමයින්ට ඒක වැටහෙන්නෙ නෑ. වැඩිහිටියෝ බලාගෙන ඉන්නේ එයාලා කියන කරන දේවල් තේරුම් යන තරමට අපි උස්මහත් වෙනකම්. අපේ තරමට ඇවිත් අපිව වටහා ගන්න එයාලා නෙමෙයි උත්සාහ කරන්නේ. මේ පොතේ තියෙනවා මෙතෙක් මානවයා ගැන හෙළි නොවුණු රහස්. විශේෂයෙන්ම ළමයා කියන පොඩි සතා ගැන”