ලස්සන වසිලිස්සාLassana Wasilissa

කතෘ ඒ.පී.ගුණරත්නA.P.Gunarathne

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

අනේ ඉර හාමි නුඹ හැබෑ මෝඩයෙක්! නුඹ සෙල්ලම් කරනවා......... මගේ ළමයින් බඩගින්නේ අඬනවා. නුඹේ නරක වැඩ නිසා නුඹට යස පාඩමක් උගන්වනවා!''

දුප්පත් ඉවාන් ඉර හොයාගෙන ගියා. යනවා, යනවා ඉර අල්ලාගන්නට ඔහුට බැහැ. හවස ඉර කන්දකට එහා බැහැලා ගියා. ඉවාන් එතැන දී ඉර සොයා ගත්තා.

ඉර දුප්පත් ඉවාන්ව දැකලා ඔහුට කථා කළා.

'' ඉවාන්, නුඹ මා බලන්ට ආවාද? ''

ඉවාන් සිදු වූ දේ ඉරට කීවා. " මගේ ළමයින් බඩගින්නේ ඇඬුවා. මම ඔවුනට කැඳ ටිකක් ණයට ඉල්ලා ගත්තා. නුඹ ඉරු රැස් විහිදුවලා කැඳ ටික උණු කළා. කැඳ සේරම පාර දිගට හැළුණා. මම ගෙදර යන්නේ කොහොම ؟?"

'' මා හන්දා නුඹට පාඩු සිදු වුණා. මම නුඹට පිහිට වෙන්නම්." ඉර කීවා.

විස්තර

භාෂාව
සිංහල
ISBN
9789556766134