Malaunge Awurudu Daa - මලවුන්ගේ අවුරුදා දා

Malaunge Awurudu Daa - මලවුන්ගේ අවුරුදා දා

Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්‍ර

LKR 850.00
තොගයේ ඇත
විස්තරය

ඔබ එතකොට යනවනෙ? හෙට යනව. එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුනාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නව. හෙට මම විතරයි. හෙටත්, අනිද්දටත්, කවදටත් මම විතරයි. මොකක්ද වෙනස? අද වගෙම හෙටත් කවුරුත් නැගිටිනව, කනව බොනව, වැඩට යනව, කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනව. ඒත් මම විතරයි. ඔබ නෑ." ඔහු මුවින් නොබැණ මා දෙස බලා සිටිය සැටි මට මතකය. ඔහු මගේ දුක දුටුවේය. එහෙත් " මම යන්නෙ නෑ," යි නොකීවේය. " මම ආයෙමත් එනවනෙ, " යි ඔහු කීවේය. එහෙත් ඒවා දුබල වදන් විය. ඔහුවත් ඒවා විශ්වාස කලාදැයි මට සැක සිතුනි. ඔහුට නොයන්ට තිබුනි. හෙට නොගොස් අනිද්දා යන්ට තිබුනි. " මම අනිද්දා යනව," යි කීවේ නම්, මම කෙතරම් සැනසෙම්ද. අනිද්දා වුවත් තව එක් දවසක් තිබෙනවා නොවේද? ඒ දවසත් මේ වාගේම ගෙවී යනු නියතය. ආයෙමත් " මම හෙට යනව, " යි ඔහුට කියන්ට සිදුවේ. එහෙත් අද? අද ඔහු හෙට නොයයි. ඔහු හෙට යන දවස නොවේ අද. අදට හෙට තිබේ, හෙටට කුමක් වෙතත්. ඔහු නිසොල්මන්ව හුන්නේය, මා දෙස බලාගෙන. ඔහුගේ තීරණය අනිවාර්යය. එය ලෝකයේ ජරා මරණය සේ වෙනස් නොවෙන නියත ධර්මයක් සේ විය. ඇයි එසේ වන්නේ? යන්ට තීරණය කලේ ඔහු නොවේද? " තව කල් දැම්මත් කවදා හරි යන්න එපාය. මොකටද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුලුවන්." මගේ කණට මේ වචන කොඳුරනවා ඇසිනි. යලිත් ආ හැකි නිසා ද යන්නේ? නොගියොත් යළිත් ආ නොහැකිය. එය සැබෑවකි. මට එය නොතේරුනි. යාම හොඳයි. ගොස් ඊමද හොඳයි. ලොවැ ඇත්තේ යාම ඊමය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය. මගේ හදවත සැනසුම් ලද්දේය. | ඔබ එතකොට යනවනෙ? හෙට යනව. එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුනාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නව. හෙට මම විතරයි. හෙටත්, අනිද්දටත්, කවදටත් මම විතරයි. මොකක්ද වෙනස? අද වගෙම හෙටත් කවුරුත් නැගිටිනව, කනව බොනව, වැඩට යනව, කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනව. ඒත් මම විතරයි. ඔබ නෑ." ඔහු මුවින් නොබැණ මා දෙස බලා සිටිය සැටි මට මතකය. ඔහු මගේ දුක දුටුවේය. එහෙත් " මම යන්නෙ නෑ," යි නොකීවේය. " මම ආයෙමත් එනවනෙ, " යි ඔහු කීවේය. එහෙත් ඒවා දුබල වදන් විය. ඔහුවත් ඒවා විශ්වාස කලාදැයි මට සැක සිතුනි. ඔහුට නොයන්ට තිබුනි. හෙට නොගොස් අනිද්දා යන්ට තිබුනි. " මම අනිද්දා යනව," යි කීවේ නම්, මම කෙතරම් සැනසෙම්ද. අනිද්දා වුවත් තව එක් දවසක් තිබෙනවා නොවේද? ඒ දවසත් මේ වාගේම ගෙවී යනු නියතය. ආයෙමත් " මම හෙට යනව, " යි ඔහුට කියන්ට සිදුවේ. එහෙත් අද? අද ඔහු හෙට නොයයි. ඔහු හෙට යන දවස නොවේ අද. අදට හෙට තිබේ, හෙටට කුමක් වෙතත්. ඔහු නිසොල්මන්ව හුන්නේය, මා දෙස බලාගෙන. ඔහුගේ තීරණය අනිවාර්යය. එය ලෝකයේ ජරා මරණය සේ වෙනස් නොවෙන නියත ධර්මයක් සේ විය. ඇයි එසේ වන්නේ? යන්ට තීරණය කලේ ඔහු නොවේද? " තව කල් දැම්මත් කවදා හරි යන්න එපාය. මොකටද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුලුවන්." මගේ කණට මේ වචන කොඳුරනවා ඇසිනි. යලිත් ආ හැකි නිසා ද යන්නේ? නොගියොත් යළිත් ආ නොහැකිය. එය සැබෑවකි. මට එය නොතේරුනි. යාම හොඳයි. ගොස් ඊමද හොඳයි. ලොවැ ඇත්තේ යාම ඊමය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය. මගේ හදවත සැනසුම් ලද්දේය.

ප්‍රවර්ගයළමා පොත්
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
ISBN 9789552021596

සම්බන්ධිත පොත්

මහල්ලා  සහ මුහුද
තොග නැත
ළමා පොත්
මහල්ලා සහ මුහුද

Soma T Perera - සෝමා ටී පෙරේරා

LKR 250.00
පුංචි ගැහැණු ළමයි20%
තොග නැත
ළමා පොත්
පුංචි ගැහැණු ළමයි

Janapriya Jayasinghe - ජනප්‍රිය ජයසිංහ

LKR 320.00LKR 400.00
සීතලෙන් සීත වුණ සීත සමය15%
තොග නැත
ළමා පොත්
සීතලෙන් සීත වුණ සීත සමය

Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

LKR 1,360.00LKR 1,600.00
ජිමී සහ පොලියානා14%
තොග නැත
ළමා පොත්
ජිමී සහ පොලියානා

Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ (Eleanor H Porter)

LKR 650.00LKR 760.00