Manikkawatha - මාණික්කාවත

Manikkawatha - මාණික්කාවත

Mahinda Prasad Masimbula - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

LKR 770.00LKR 900.00-14%
තොගයේ ඇත
විස්තරය

‘සෙංකොට්ටං’ නම් සිය පළමු නවකතාවෙන්ම පාඨක විචාරක අවධානය නොඅඩුවම ලබා ගත් මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල සිය දෙවන නවකතාව ‘මාණික්කාවත’ නමින් තිළිණ කර තිබේ. කතා රසයෙන් වෙන්ව ගත් කල්හි පවා මානයන් කිහිපයක් ඔස්සේ කියවීමට තරම් සියුම් පරාස රැුසක් මෙහිදී හමුවන බැව් පෙනී යයි. බැලූ බැල්මට මෙය කෙටි නවකතාවකි. (පිටු 165) එහෙත් පරම්පරා හතරක ජීවන විලාසය අතිශය සංක්ෂිප්තව මෙමගින් නිරූපිතය. ඒ සංක්ෂිප්ත බව මහත් අඩුපාඩුවක් සේ පෙනී යයි. එහෙත් අඩුපාඩුවලින් ගහණ වූ ජීවිතය අප අතහැර නොදමන්නා සේ මෙයද අතහැර නොදැමිය යුතුය. එක අතකින් මෙය ජනශ‍්‍රැතිය ඇසුරෙන් ලියැවුණු දැනුම් මණ්ඩපයකි. සාහිත්‍යය තුළ නව යෙදුම් ආකල්ප නිර්මාණය කරන්නාවූ පර්යේෂණයක් ලෙසද තවත් අතකින් සිතිය හැකිය. සමාජ, සංස්කෘතිකමය පරිවර්තනය හුවා දක්වන කෙටි ප‍්‍රබන්ධයක් ලෙසද සත්‍ය සිදුවීමේ සහ සත්‍ය ස්ථාන මූලික කොටගත් කතාන්දරයක් ලෙසද හඳුන්වා දිය හැකි අතර ගැමි දිවියේ විශිෂ්ටතා, ඇදහිලි, විශ්වාස, ආගම, කුලය, සූරාකෑම, දූෂණය මතු නොව දුබලයා සහ බලවතා අතර වූ නිහඬ අරගලය, ඉඩම් ගැටුම, රටේ කැපී පෙනෙන වෙනසක් ඇති කළ 1958 අංක 01 දරන ගොවි පනත වැනි සියල්ල අතරේ තවදුරටත් අප පතන උසස් වූ මානවවාදී ප‍්‍රවණතා පිළිබඳවද කතුවරයාගේ මූලික අවධානය යොමුවී ඇති අයුරු පෙනේ. | ‘සෙංකොට්ටං’ නම් සිය පළමු නවකතාවෙන්ම පාඨක විචාරක අවධානය නොඅඩුවම ලබා ගත් මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල සිය දෙවන නවකතාව ‘මාණික්කාවත’ නමින් තිළිණ කර තිබේ. කතා රසයෙන් වෙන්ව ගත් කල්හි පවා මානයන් කිහිපයක් ඔස්සේ කියවීමට තරම් සියුම් පරාස රැුසක් මෙහිදී හමුවන බැව් පෙනී යයි. බැලූ බැල්මට මෙය කෙටි නවකතාවකි. (පිටු 165) එහෙත් පරම්පරා හතරක ජීවන විලාසය අතිශය සංක්ෂිප්තව මෙමගින් නිරූපිතය. ඒ සංක්ෂිප්ත බව මහත් අඩුපාඩුවක් සේ පෙනී යයි. එහෙත් අඩුපාඩුවලින් ගහණ වූ ජීවිතය අප අතහැර නොදමන්නා සේ මෙයද අතහැර නොදැමිය යුතුය. එක අතකින් මෙය ජනශ‍්‍රැතිය ඇසුරෙන් ලියැවුණු දැනුම් මණ්ඩපයකි. සාහිත්‍යය තුළ නව යෙදුම් ආකල්ප නිර්මාණය කරන්නාවූ පර්යේෂණයක් ලෙසද තවත් අතකින් සිතිය හැකිය. සමාජ, සංස්කෘතිකමය පරිවර්තනය හුවා දක්වන කෙටි ප‍්‍රබන්ධයක් ලෙසද සත්‍ය සිදුවීමේ සහ සත්‍ය ස්ථාන මූලික කොටගත් කතාන්දරයක් ලෙසද හඳුන්වා දිය හැකි අතර ගැමි දිවියේ විශිෂ්ටතා, ඇදහිලි, විශ්වාස, ආගම, කුලය, සූරාකෑම, දූෂණය මතු නොව දුබලයා සහ බලවතා අතර වූ නිහඬ අරගලය, ඉඩම් ගැටුම, රටේ කැපී පෙනෙන වෙනසක් ඇති කළ 1958 අංක 01 දරන ගොවි පනත වැනි සියල්ල අතරේ තවදුරටත් අප පතන උසස් වූ මානවවාදී ප‍්‍රවණතා පිළිබඳවද කතුවරයාගේ මූලික අවධානය යොමුවී ඇති අයුරු පෙනේ.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු165
ISBN9789550980239

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00