මාතාMatha

කතෘ තුෂාරි අබේසේකරThushaari Abeysekara

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

විවිධ හැළ හැප්පීම් මැද ගැහැනියක් ජීවිතය ජය ගන්නා ආකාරය පිළිබඳ කියැවෙන නවකතාවක් ලෙස ‘මාතා’ කෘතිය හඳුන්වා දිය හැකිය. ඉවසීම, කරුණාව හා මාතෘත්වය ඔස්සේ දැරියක, ගැහැනියක සහ මවක විසින් කළ යුතු එක්තරා ආකාරයක විප්ලවයක් පිළිබඳ මෙම කෘතියෙන් කතා කරයි. මෙම කෘතිය නිර්මාණය කළ තුෂාරි අබේසේකර සුප්‍රකට නවකතාකාරියක මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක ද වෙයි. දූලි පින්තාරු, ගංගාතොමෝ, අපුවකි ඒ අරණ ආදිය ඈ විසින් නිර්මාණය කරන ලද නවකතා කිහිපයක් වන අතර ආරාරිරෝ, සල් සපු නා, හෝපලු අරණ ආදිය ඈ විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍ය අතර වේ.

විස්තර

භාෂාව
සිංහල
ISBN
9789552125881