Never Lie - නෙවර් ලයි

Never Lie - නෙවර් ලයි

Tharushi Niranga Jayasinghe

LKR 1,670.00LKR 1,850.00-10%
තොගයේ ඇත
විස්තරය

වඅලුත විවාහ දිවියට පා තැබූ යුවළක් වූ පැට්‍රිෂියා සහ ඊතන් හුන්නේ ඔවුන්ගේ සිහින නිවහන සොයමිනි. නගරයෙන් දුර බැහැර, හුදෙකලා පෙදෙසක පිහිටි, වසර හතරකට පමණ පෙර කිසිදු සලකුණක් හෝ නැතිව අතුරුදන් වූ ඒඩ්‍රියන් හේල් නමැති සුප්‍රසිද්ධ මනෝවෛද්‍යවරියට අයත්ව තිබූ සුවිසල් මන්දිරය ඔවුන්ගේ එකී සිහිනයට මනාව ගැළපෙන නිවහනක් ලෙස පෙනෙන්නට තිබිණ. කෙසේ වෙතත්, ඔවුන් ඒ නිවහන බැලීමට ගිය මොහොතේ ආ දරුණු හිම කුණාටුවත් සමඟ ඔවුන් ඒ මන්දිරයේ කොටුවූයේ කුණාටුව අවසන් වනතුරු ඉන් පිටව යෑමට කිසිදු ඉඩක් ඉතිරි නොකරය. හිම කුණාටුව අවසන් වන තෙක් කල්මරන අතරතුර කියවීමට පොතක් සොයමින් හුන් පැට්‍රිෂියා, මන්දිරයේ තිබූ රහස් කාමරයක් සොයා ගැනීම අහඹුවකි. ඒ තුළ වූයේ වෛද්‍ය ඒඩ්‍රියන් තම රෝගීන් සමඟ පැවැත්වූ සැසිවාර සියල්ල පටිගත කළ හඬපටය. හඬපට එකින් එකට සවන්දෙන අතරතුර, වෛද්‍ය හේල්ගේ අබිරහස් අතුරුදන්වීමට තුඩුදුන් අවාසනාවන්ත සිද්ධි දාමයක්ම පැට්‍රිෂියා ඉදිරියේ දිගහැරෙමින් තිබිණ. ඈ ඒ රහස් සියල්ල හෙළිකරගත්තාය. රැය පහන් වනතුරුම පැට්‍රිෂියා හඬපට එකින් එක ශ්‍රවණය කළාය. ප්‍රහේලිකාවක කොටස් මෙන් ඒවා මනාව එකිනෙක හා සම්බන්ධ වූ අතර, වෛද්‍ය ඒඩ්‍රියන් හේල්ගේ ජීවිතයේ රහස් රැසක් හෙළිවෙමින් තිබිණ. අවසානයේ පැට්‍රිෂියා අන්තිම හඬපටයද අසන්නට සැරසිණි. ඒ අවසන් හඬපටය තුළ උක්ත සිදුවීමේ බිහිසුණු සත්‍යය සම්පූර්ණයෙන්ම අන්තර්ගතව තිබෙනු ඇත.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු335
ISBN9786246570460

සම්බන්ධිත පොත්

I & U10%
නවකතා
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00