
නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara
“තිසාරි හැම ආදර කතාවකටම මිනිස් ලෝකේ වගේ සුභ අවසානයක් තියෙන්ට ඕන නෑ කෙල්ලේ” කාලි හෙමිහිට කියනවා මට මං කළු මූකලානේ ආත්මයක් උඹ මිනිස් දුවක් අපේ ආදරේ අවසානය තියෙන්නේ මේ මනුස්ස ලෝකයේ නෙවෙයි. මං උඹව මගේ කරගන්ට දවසක් එනවා. එදාට, උඹට මේ පාලු බංගලාව, උඹගේ ආච්චි, මේ මනුස්ස ලෝකය ඔක්කොම අතෑරලා මං එක්ක කළු මු කලානේ සදාකාලික අන්ධකාරය ඇතුළට එන්ට වේවි. එදාට, උඹත් මං වගේම අමරණීය ආත්මයක් වේව් තිසාරි අන්න ඒකයි අපේ ආදරේ අවසානය.