Sepalika books - සේපාලිකා (01 & 02)

Sepalika books - සේපාලිකා (01 & 02)

Cherry Minshi - චෙරි මින්ෂි

LKR 4,700.00
තොගයේ ඇත
විස්තරය

හිරිමල් වයසේ ඉන්න ආඩම්බරකාර රධ්‍යගේ හිතේ, දුඹුරු පාට ඇස් දෙකකට ආදරේ පැළවෙන්න පටන්ගත්තේ අදක ඊයෙක නෙමෙයි. අවුරුදු කීපයක්ම හිතේ හිරකරගෙන උන්නු වචන එකසැරේ කියන්නෙ කොහොමද, එතැනින් එහාට ජීවිතේ කොයි විදියට වෙනස්වෙයිද, තමන් වටේට කුණාටු කීයක් කැරකෙයිද, රධ්‍යට අදහසක් නොතිබුණ තරම්. කොහොමනමුත් දුඹුරු ඇස් අස්සේ තමන් වෙනුවෙනුත් ආදරයක් දලුලනවා බලන් උන්නු රධ්‍යගේ හදවතේ පිරුණු සතුට මේ තරම් කියලා වචනෙන් විස්තර කරන්න බැරිතරම්. ජීවිතේට වැහැපු මුරුගසන් වරුසා ගණනකට මූණදීපු වරද්, පායාවි කියලා බලන් උන්නු ළා හිරු කිරණ වුණේ ඉස්කෝලෙ හිටපු ආඩම්බරකාරම ඇස්! රධ්‍යගේ හිතේ දලු දාන ආදරේ තමන් වෙනුවෙන් කියලා දැනෙන හැම වතාවකම වරද් උන්නේ පුදුමාකාර සතුටකින්. උද්‍යෝගයක් නැතුව ගෙවුණු උසස්පෙළ ජීවිතේ ආයේ මුල ඉඳන් විඳින්න ගත්තු වරද්, යාළුමිත්‍රයන් අතරේ ආයේ අලු‍තින් ඉපදුනේ රධ්‍ය නිසයි කියලා නොදන්න කෙනෙක් නැති තරම්. වසන්තයේ පිපුණු මල් පරවෙලා පෙති හැලෙන වග දැනන් උන්නත්, වසත් සමය අවසන් වෙලා සීත කාලය පටන්ගන්න වග දැනන් උන්නත්, මේ තරම් ඉක්මනින් සීත කාලය එන වග, වසන්ත කාලේ පුරාම ඇඟ ඇතුළේ තටුගහපු සමනල්ලු‍ එකින් එක මැරි මැරී බිම වැටෙන වග පිළිගන්න අකමැති වුණා. අල්ලගන්නත් අමාරු, අතාරින්නත් අමාරු ඒ සීත කාලේ පටන්ගන්න කලින්… මේ, වසන්තේ පිපුණු සේපාලිකා මල් සුවඳට ඉඩ!

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ප්‍රකාශිත වර්ෂය2025
ISBN9786246570514

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00