තත්තකාරThaththakara

කතෘ තනුජා ලුම්බිණි තඹවිටThanuja Lumbini Thabawita

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

බබුන් කුඩා දැරිය තුරුළු කරගත්තාය. උණුහුමට ඈ තුරුළු වූයේ කුඩා මී පැටවෙකු සේය. බෙහෙත් කොළ සුවඳක් මිස ඈ කෙරෙන් කිරි සුවදක් වහනය වූයේ නැත. කුඩා දැරිය සිය ළපටි මුහුණ බබුන්ගේ ළැම මත්තේ තෙරපුවාය. තම පියොවුරු බර වෙන්නාක් මෙන් බබුන් නෝනාට දැනිණි. හැඳ සිටි බොඩිය පිපිරි යන්නට තරම් වේදනාවක් එත්දි බබුන් හැට්ටයේ ආයාකටු පන්නා මිණිබිරියගේ සිඟිති මුව පියොවුරක ගැටෙන්නට සැලැස්වුවාය. සැහැල්ලූ එල්ලා හැලෙන දෙතනක් තවදුරටත් එහි තිබුණේ නැත. කුඩා දැරිය සූස් සූස් ගා උරනාවිට පියොවුරුවල බරගතිය සැහැල්ලු වී යන්නාක් මෙන් බබුන් නෝනාට දැනිණි. කුඩා කම්මුල් පිම්බි දැරිය පියොවුරක් අල්ලාගෙනම සුව නින්දකට පිවිසියාය

විස්තර

භාෂාව
සිංහල
පිටු
160
ISBN
9789554788978