
Mahagama Sekara - මහගම සේකර
අයිසෙ රෙදි පාන්කඩයක භූමිතෙල් ගා තැටියක් එයින් පිස දැමීය. දැන් තැටියේ කුනු නැත. නමුත් කතා පෙට්ටියෙ වරද හරිගියේ නැත. ඊටත් වඩා තැටියද නරක් වෙලාය. තැටියේ ඉරි ගෙවී ඉදිකටුව එක තැනම කරකැවෙයි. අනේපිඬු සිටානෝ. සැවැත්පුර විසාලා අනේපිඬු සිටානෝ. අනේ. අනේ. අනේ.අනේ. අනේ අනේ තමයි. මේක අසා සිටි ලොකු මාමා කීය. අයිසෙ ඔන්න ඕක පරිස්සම් කරලා පැත්තකින් තියෙනව. ඕක නැතුවට කමක් නෑ. මම නිකුලස් මාස්ටර්ටයි මාටින්ටයි කියලා තියෙන්නෙ. අඳුර වැටීගෙන එනවිට නිකුලස් මාස්ටරුත් මාටින් ප්‍රේරාත් තව තබ්ලා කාරයෙකුත් පැමිණියහ