යකාගේ ඉස්කෝලෙYakage Iskole

කතෘ උදේනි ගලහිටියාවUdeni Galahitiyawa

ප්‍රවර්ගය
නවකතා
ප්‍රකාශකයා
Muses Publishing House

පොත ගැන

සමාජය විෂමය; කුරිරුය. එහි ගොදුරු බවට පත්වන්නේ වැඩිහිටියන් පමණක්ම නොවේ. වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද විෂම සමාජ පරිසරය තුළ දරුවන්ගේ විසිතුරු ලොවද පීඩාවට පත්වෙයි.

සඳළි, ක්‍රිෂ්ණ, නියාස් යනු එකී ව්‍යසනය හමුවේ පීඩාවට පත් ළමුන් තිදෙනෙකි. සියල් බාධක කම්කටොලු මැද අධ්‍යාපනය ලබන අතරම සමාජයට පිළිලයක් වූ දරුණ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර දීමටද ඔවුහු අරගල කරති.

ඒ සෑම උත්සාහයක්ම බිහිසුණුය; ත්‍රාසජනකය; පාඨකයා තිගැස්මට ලක්කරනසුලුය.

මේ ඔවුන්ගේ වීරත්වයෙන්ද උද්‍යෝගයෙන්ද පිරි අපූර්ව කතාවයි.

විස්තර

භාෂාව
සිංහල
පිටු
151
ISBN
9786245579808