අදිසි නදියAdisi Nadiya

by කපිල කුමාර කාලිංගKapila Kumara Kalinga

Category
Novels

About this book

ඇය හැද සිටියෙ චීන් කොලරයෙන් යුත් දම් පැහැති ගවුමකි. එහි පහතින් අලංකාර මල් වැලකි. දම් පැහැති ගල් ඇල්ලූ මාලයක් පැලද සිටි ඇය, අතැති අවානෙන් පවන් සලා ගත්තාය. සිතින් ඈ නිරුවත් කල මැක්ස්ට මැවුණේ වහා බිදෙනසුලු වීදුරු පිලිමයකි. ඇගේ සිරුරෙහි සම් මස් නහර නොමැති සේය. එහෙත්, පිරිමියෙක් නොව, ගැහැණියකට වුව ආශාවෙන් බලා සිටිය හැකි අපූර්ව රූප සම්පත්තියක් ඈ සතුය..

දුගඳ පැතිර යාමට හේතුව ගැන නොයෙක් කතා පැතිරුණි . සමහරු පැවසුවේ නගරය යටින් දිවෙන මළාපවහන පද්ධතිය පුපුරායාම නිසා එය සිදුවුවක් බවය . තවත් සමහරු සිතුවේ නගරය ඈතින් පිහිටි විශාල කුණු කඳු නාය යාම නිසා මෙම දුගඳ පැතිරෙන බවය . එහෙත් වඩාත් බුද්ධ්මත් ජනයා එම මත දෙකම බැහැරකළ අතර , ඔවුන් කල්පනා කළේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර දිනෙන් දින වර්ධනය වන එබඳු දුගඳකට වෙනත් හේතුවක් තිබිය යුතුය ...

Details

Language
Sinhala
Pages
328
ISBN
9789556777987