Almanso Punchi Goviya - අල්මන්සෝ පුංචි ගොවියා

Almanso Punchi Goviya - අල්මන්සෝ පුංචි ගොවියා

Ganga Niroshini Suduwelikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

LKR 1,120.00LKR 1,320.00-15%
Out of Stock
Out of Stock
Description

රාත්‍රි ආහාරයෙන් පසු අල්මන්සෝ ඉතිරි වූ කෑම පිඟානක් රැගෙන ගොස් ඒවා ලූසිට කන්නට දුන්නේය. ඔහු අගුවේ පඩිපෙළ මත වාඩිවී ඇගේ ගොරෝසු පිට කැසුවේය. ඌරන් ඊට කැමතිය. මුළුතැන්ගෙයි එලිසා ජේන් සහ රෝයල් සීනි පිනාටු ගැන වාද කරමින් සිටියහ. රෝයල්ට සීනි පිනාටු ටිකක් ඕනෑ වී තිබූ නමුත් ඒවා ඇත්තේ සීත කාලයේ සැන්දෑවට කන්නට යැයි එලිසා ජේන් කීවාය. ග්‍රීෂ්ම කාලයටත් සීනි පිනාටු ඒ තරමටම හොඳ නැත්තේ ඇයිදැයි තමාට නොවැටහෙන බව රෝයල් කීවේය. අල්මන්සෝටද එසේම සිතුණු අතර ඔහු ඇතුළට ගොස් රෝයල්ගේ පැත්තට කතා කළේය. තමා සීනි පිනාටු හදන්නට දන්නවා යැයි ඇලිස් කීවාය. එලිසා ජේන් එය කරන්නට යන්නේ නැති නමුත් ඇලිස් සීනි සහ පැණි වතුර සමග මිශ්‍ර කර උණු කළාය. ඉන්පසු ඇය සීනි පිනාටු බටර් ගෑ තැටිවලට වත් කර සිසිල් වීම සඳහා ඉස්තෝප්පුවෙන් තැබුවාය. ඔවුන් ඇඳුම්වල අත් නවාගෙන දෑතේ බටර් ගා ගෙන, සීනි පිනාටු අදින්නට සූදානම් වූ අතර එලිසා ජේන්ද ඇගේ දෑතේ බටර් තවරා ගත්තාය. ඒ මුළු වේලාවේම ලූසි අල්මන්සෝට ඇසෙන සේ උස් ගොරෝසු හඬින් කෑගසමින් සිටියාය. සීනි පිනාටු සිසිල් වී ඇත්දැයි බැලීම සඳහා පිටතට ගිය ඔහු තමාගේ කුඩා ඌරු පැටියාටත් ටිකක් දිය යුතු යැයි සිතුවේය. සීනි පිනාටු සිසිල් වී තිබිණි. කිසිවකු බලා සිටියේ නැත. ඉතින් ඔහු මෘදු, දුඹුරු සීනි පිනාටුවලින් ලොකු ගුළියක් ගෙන ඉස්තෝප්පුව අද්දර සිට එය ලූසිගේ ලොකුවට ඇරගත් කටට දැමුවේය. ඉන්පසු ඔවුහු සියලු දෙනා සීනි පිනාටු ඇද්දහ. දිගු පොටවල් ලෙසින් එය ඇද්ද ඔවුහු ඊළඟට ඒ පොටවල් දෙකට නැවූහ. ඊළඟට යළිත් ඇද්දහ. දෙකට නවන වාරයක් ගානේ ඔවුහු ඉන් කැබැල්ලක් කෑහ. එය ඉතා ඇලෙන සුලු විය. ඔවුන්ගේ දත්වලත්, ඔවුන්ගේ ඇඟිලි සහ මුහුණුවලත් ඇලුණු එය, කිසියම් විදියකින් ඔවුන්ගේ හිස්වල ගෑවී ඒවායේද ඇලුණේය. එය හයි වී පහසුවෙන් කැඩෙන සුලු වූ නමුත් එසේ වූයේ නැත. ඔවුහු දිගින් දිගටම ඇද්දහ. එහෙත් එය තවමත් මෘදුව, ඇලෙන සුලුව තිබිණි. නින්දට යන වේලාව හොඳටම ප්‍රමාද වී තිබූ අතර ඔවුහු අන්තිමේදී උත්සාහය අතහැර දමා ඇඳට ගියහ. පසුදා උදෑසන අල්මන්සෝ මඩුවල වැඩපළ පටන් ගත් විට ලූසි මිදුලේ සිටගෙන සිටියාය. ඇගේ වලිගය පණ නැතිව එල්ලා වැටුණු අතර ඇගේ හිස පහතට වැටී තිබිණි. ඔහු දුටු විට ඈ උස් ගොරෝසු හඬින් කෑගැසුවේ නැත. ඇය දුක්බර ලෙස හිස සලා නහය රැළි කළාය. ඇගේ සුදු දත් තිබිය යුතු තැන දැන් තිබුණේ සිනිඳු, දුඹුරු රේඛාවකි. ලූසිගේ දත් සීනි පිනාටුවලින් එකට ඇලී තිබිණි. ඈට කන්නට නොහැකි විය. බොන්නට නොහැකි විය. ගොරෝසු හඬින් කෑගසන්නටවත් නොහැකි විය. ගොරවන්නට නොහැකි විය. එහෙත් අල්මන්සෝ තමා වෙත එනු දුටු විට ඇය දිව්වාය. අල්මන්සෝ කෑගසා රෝයල්ට කතා කළේය. ඔවුහු නිවස වටේ, හිම බෝල පඳුරු සහ ලයිලැක් පඳුරු යටින් ලූසි පසුපස දිවූහ. ඔවුහු මුළු ගෙවත්ත පුරා ඇය ලුහුබැඳ ගියහ. ලූසි කැරකී, ඔවුන්ගෙන් ඉවත පැන, හිස නවාගෙන කඩා බිඳගෙන දිව්වාය. ඒ මුළු වේලාවේම ඈ කිසි හඬක් නැගුවේ නැත. ඈට එය කළ නොහැකි විය. ඇගේ කටේ සීනි පිනාටු පිරී තිබිණි. ඇය රෝයල්ගේ පා අතරින් දුව ගොස් ඔහුව නොසන්සුන් කළාය. අල්මන්සෝ ඈ අල්ලාගත් නමුත් නාසය බිම ඇනෙන සේ හතරගාතෙන් වැටුණේය. ඇය රට මෑ ගස් අතරින්, ඉදුණු තක්කාලි ගෙඩි පොඩි කරගෙන, කොළ පැහැ වටකුරු ගෝවා ගෙඩි උගුලා දමමින් කඩාගෙන බිඳගෙන දිව්වාය. ඈ අල්ලන්නැයි එලිසා ජේන් නොනවත්වාම රෝයල්ට සහ අල්මන්සෝට කියමින් සිටියාය. ඇලිස් ඈ පසුපස දිව්වාය. අන්තිමේදී ඔවුහු ඈ කොටු කර ගත්හ. ඇය වේගයෙන් ඇලිස්ගේ සායවල් වටේ දිව්වාය. අල්මන්සෝ ඈ මත වැටී ඈ අල්ලා ගත්තේය. ඇය පයින් ගසා, ඔහුගේ කමිසයේ ඉදිරිපස දිග සිදුරක් සෑදෙන සේ එය ඉරා දැමුවාය. අල්මන්සෝ ඈ තද කර අල්ලා ගත්තේය. ඇලිස් ඇගේ පස්සා ගාත් අල්ලා ගත්තාය. රෝයල් අමාරුවෙන් ඇගේ කට ඇර සීනි පිනාටු සූරා දැමුවේය. ඉන්පසු ලූසි කෑගැසූ හැටි! මුළු රැය පුරා ඇගේ කටේ සිරවී තිබූ සියලු උස් කෑගැසීම් සහ ඔවුන් ඈ පසුපස එළවන අතරේ කරන්නට නොහැකි වූ සියලු කෑගැසීම් ඇගේ මුවින් පිටවූ අතර ඇය මොර දෙමින් ඇගේ කොටුවට දිව්වාය. “අල්මන්සෝ ජේම්ස් වයිල්ඩර්, බලන්න ඔයාගෙ හැටි!” යි එලිසා ජේන් බැන වැදුණාය. ඔහුට බලන්නට බැරි විය. ඔහුට බලන්නට ඕනෑ නොවීය. ඔහු ඌරකු වෙනුවෙන් සීනි පිනාටු නාස්ති කිරීම ගැන ඇලිස්ද තැති ගෙන සිටියාය. ඒ මදිවට ඔහුගේ කමිසයත් ඉරී ගොසිනි. එය අණ්ඩ දැමිය හැකිය. එහෙත් ඒ අණ්ඩය පෙනෙනු ඇත. “මට කමක් නෑ,” යි අල්මන්සෝ කීවේය. අම්මාට ඒ ගැන දැනගන්නට ලැබෙන්නේ මුළු සතියකට පසුව බැවින් ඔහු සතුටු විය. එදා ඔවුහු යළිත් හිම කිරම සෑදූහ. අන්තිම කේක් ගෙඩියත් කෑහ. ~ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන්වැන්න: අල්මන්සෝ පුංචි ගොවියා ~ | රාත්‍රි ආහාරයෙන් පසු අල්මන්සෝ ඉතිරි වූ කෑම පිඟානක් රැගෙන ගොස් ඒවා ලූසිට කන්නට දුන්නේය. ඔහු අගුවේ පඩිපෙළ මත වාඩිවී ඇගේ ගොරෝසු පිට කැසුවේය. ඌරන් ඊට කැමතිය. මුළුතැන්ගෙයි එලිසා ජේන් සහ රෝයල් සීනි පිනාටු ගැන වාද කරමින් සිටියහ. රෝයල්ට සීනි පිනාටු ටිකක් ඕනෑ වී තිබූ නමුත් ඒවා ඇත්තේ සීත කාලයේ සැන්දෑවට කන්නට යැයි එලිසා ජේන් කීවාය. ග්‍රීෂ්ම කාලයටත් සීනි පිනාටු ඒ තරමටම හොඳ නැත්තේ ඇයිදැයි තමාට නොවැටහෙන බව රෝයල් කීවේය. අල්මන්සෝටද එසේම සිතුණු අතර ඔහු ඇතුළට ගොස් රෝයල්ගේ පැත්තට කතා කළේය. තමා සීනි පිනාටු හදන්නට දන්නවා යැයි ඇලිස් කීවාය. එලිසා ජේන් එය කරන්නට යන්නේ නැති නමුත් ඇලිස් සීනි සහ පැණි වතුර සමග මිශ්‍ර කර උණු කළාය. ඉන්පසු ඇය සීනි පිනාටු බටර් ගෑ තැටිවලට වත් කර සිසිල් වීම සඳහා ඉස්තෝප්පුවෙන් තැබුවාය. ඔවුන් ඇඳුම්වල අත් නවාගෙන දෑතේ බටර් ගා ගෙන, සීනි පිනාටු අදින්නට සූදානම් වූ අතර එලිසා ජේන්ද ඇගේ දෑතේ බටර් තවරා ගත්තාය. ඒ මුළු වේලාවේම ලූසි අල්මන්සෝට ඇසෙන සේ උස් ගොරෝසු හඬින් කෑගසමින් සිටියාය. සීනි පිනාටු සිසිල් වී ඇත්දැයි බැලීම සඳහා පිටතට ගිය ඔහු තමාගේ කුඩා ඌරු පැටියාටත් ටිකක් දිය යුතු යැයි සිතුවේය. සීනි පිනාටු සිසිල් වී තිබිණි. කිසිවකු බලා සිටියේ නැත. ඉතින් ඔහු මෘදු, දුඹුරු සීනි පිනාටුවලින් ලොකු ගුළියක් ගෙන ඉස්තෝප්පුව අද්දර සිට එය ලූසිගේ ලොකුවට ඇරගත් කටට දැමුවේය. ඉන්පසු ඔවුහු සියලු දෙනා සීනි පිනාටු ඇද්දහ. දිගු පොටවල් ලෙසින් එය ඇද්ද ඔවුහු ඊළඟට ඒ පොටවල් දෙකට නැවූහ. ඊළඟට යළිත් ඇද්දහ. දෙකට නවන වාරයක් ගානේ ඔවුහු ඉන් කැබැල්ලක් කෑහ. එය ඉතා ඇලෙන සුලු විය. ඔවුන්ගේ දත්වලත්, ඔවුන්ගේ ඇඟිලි සහ මුහුණුවලත් ඇලුණු එය, කිසියම් විදියකින් ඔවුන්ගේ හිස්වල ගෑවී ඒවායේද ඇලුණේය. එය හයි වී පහසුවෙන් කැඩෙන සුලු වූ නමුත් එසේ වූයේ නැත. ඔවුහු දිගින් දිගටම ඇද්දහ. එහෙත් එය තවමත් මෘදුව, ඇලෙන සුලුව තිබිණි. නින්දට යන වේලාව හොඳටම ප්‍රමාද වී තිබූ අතර ඔවුහු අන්තිමේදී උත්සාහය අතහැර දමා ඇඳට ගියහ. පසුදා උදෑසන අල්මන්සෝ මඩුවල වැඩපළ පටන් ගත් විට ලූසි මිදුලේ සිටගෙන සිටියාය. ඇගේ වලිගය පණ නැතිව එල්ලා වැටුණු අතර ඇගේ හිස පහතට වැටී තිබිණි. ඔහු දුටු විට ඈ උස් ගොරෝසු හඬින් කෑගැසුවේ නැත. ඇය දුක්බර ලෙස හිස සලා නහය රැළි කළාය. ඇගේ සුදු දත් තිබිය යුතු තැන දැන් තිබුණේ සිනිඳු, දුඹුරු රේඛාවකි. ලූසිගේ දත් සීනි පිනාටුවලින් එකට ඇලී තිබිණි. ඈට කන්නට නොහැකි විය. බොන්නට නොහැකි විය. ගොරෝසු හඬින් කෑගසන්නටවත් නොහැකි විය. ගොරවන්නට නොහැකි විය. එහෙත් අල්මන්සෝ තමා වෙත එනු දුටු විට ඇය දිව්වාය. අල්මන්සෝ කෑගසා රෝයල්ට කතා කළේය. ඔවුහු නිවස වටේ, හිම බෝල පඳුරු සහ ලයිලැක් පඳුරු යටින් ලූසි පසුපස දිවූහ. ඔවුහු මුළු ගෙවත්ත පුරා ඇය ලුහුබැඳ ගියහ. ලූසි කැරකී, ඔවුන්ගෙන් ඉවත පැන, හිස නවාගෙන කඩා බිඳගෙන දිව්වාය. ඒ මුළු වේලාවේම ඈ කිසි හඬක් නැගුවේ නැත. ඈට එය කළ නොහැකි විය. ඇගේ කටේ සීනි පිනාටු පිරී තිබිණි. ඇය රෝයල්ගේ පා අතරින් දුව ගොස් ඔහුව නොසන්සුන් කළාය. අල්මන්සෝ ඈ අල්ලාගත් නමුත් නාසය බිම ඇනෙන සේ හතරගාතෙන් වැටුණේය. ඇය රට මෑ ගස් අතරින්, ඉදුණු තක්කාලි ගෙඩි පොඩි කරගෙන, කොළ පැහැ වටකුරු ගෝවා ගෙඩි උගුලා දමමින් කඩාගෙන බිඳගෙන දිව්වාය. ඈ අල්ලන්නැයි එලිසා ජේන් නොනවත්වාම රෝයල්ට සහ අල්මන්සෝට කියමින් සිටියාය. ඇලිස් ඈ පසුපස දිව්වාය. අන්තිමේදී ඔවුහු ඈ කොටු කර ගත්හ. ඇය වේගයෙන් ඇලිස්ගේ සායවල් වටේ දිව්වාය. අල්මන්සෝ ඈ මත වැටී ඈ අල්ලා ගත්තේය. ඇය පයින් ගසා, ඔහුගේ කමිසයේ ඉදිරිපස දිග සිදුරක් සෑදෙන සේ එය ඉරා දැමුවාය. අල්මන්සෝ ඈ තද කර අල්ලා ගත්තේය. ඇලිස් ඇගේ පස්සා ගාත් අල්ලා ගත්තාය. රෝයල් අමාරුවෙන් ඇගේ කට ඇර සීනි පිනාටු සූරා දැමුවේය. ඉන්පසු ලූසි කෑගැසූ හැටි! මුළු රැය පුරා ඇගේ කටේ සිරවී තිබූ සියලු උස් කෑගැසීම් සහ ඔවුන් ඈ පසුපස එළවන අතරේ කරන්නට නොහැකි වූ සියලු කෑගැසීම් ඇගේ මුවින් පිටවූ අතර ඇය මොර දෙමින් ඇගේ කොටුවට දිව්වාය. “අල්මන්සෝ ජේම්ස් වයිල්ඩර්, බලන්න ඔයාගෙ හැටි!” යි එලිසා ජේන් බැන වැදුණාය. ඔහුට බලන්නට බැරි විය. ඔහුට බලන්නට ඕනෑ නොවීය. ඔහු ඌරකු වෙනුවෙන් සීනි පිනාටු නාස්ති කිරීම ගැන ඇලිස්ද තැති ගෙන සිටියාය. ඒ මදිවට ඔහුගේ කමිසයත් ඉරී ගොසිනි. එය අණ්ඩ දැමිය හැකිය. එහෙත් ඒ අණ්ඩය පෙනෙනු ඇත. “මට කමක් නෑ,” යි අල්මන්සෝ කීවේය. අම්මාට ඒ ගැන දැනගන්නට ලැබෙන්නේ මුළු සතියකට පසුව බැවින් ඔහු සතුටු විය. එදා ඔවුහු යළිත් හිම කිරම සෑදූහ. අන්තිම කේක් ගෙඩියත් කෑහ. ~ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන්වැන්න: අල්මන්සෝ පුංචි ගොවියා ~

Related Books

අම්මා මක්සිම් ගෝර්කි15%
Translation
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
Translation
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
Translation
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
Out of Stock
Translation
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00