දුර්ලභව ලැබුණු මනුෂ්‍ය ජීවිතය යනු අර්ථවත්ව විඳගත යුතු අතිශය වටිනා තිළිණයකි. විවිධාකාර මිනිසුන් සහ නොයෙකුත් අත්දැකීම් හමුවේ ජීවිතය දෙස ධනාත්මකව හා උපේක්ෂාවෙන් බැලීමට අපව හුරු කරවන අපූර්ව කෘතියකි මේ. නදී සරත්චන්ද්‍රගේ මෙම නිර්මාණය, ජීවිතයේ හැලහැප්පීම් සහ නොයෙකුත් අභියෝග හමුවේ වුවද එහි සුන්දරත්වය හා වටිනාකම සොයායන සංවේදී අත්දැකීම් එකතුවකි. ජීවිතයට ආදරයෙන් ආමන්ත්‍රණය කරමින්, සිතට අලුත් බලයක් සහ ධනාත්මක අදහස් ලබා දෙන කෘතියකි මේ.