ගොම්මන් කළුවරGomman Kaluwara

by චින්තා සුභාෂිණී රණසිංහChintha Subhashini Ranasinghe

Category
Translation

About this book

සුප්‍රකට ට්වයිලයිට් චිත්‍රපට මාලාවේ පළමුවැන්නට පාදක වූ ස්ටෙෆ්නි මේයර් ගේ අතිශය ජනප්‍රිය නවකතාව.

මවගේ දෙවනි විවාහයට ඉඩ දී හිරුට සමුදී ඉසබෙලා ස්වෝන් නිරන්තර මීදුමෙන් හා වර්ෂාවෙන් බර ෆෝක් නගරයෙහි වෙසෙන පියා වෙත පැමිණේ. එහිදී හමුවන අද්භූත එඩ්වඩ් කුලන් ඇගේ ජීවිතය ප්‍රමුදිත මෙන්ම බියකරු මං පෙතකට යොමු කරයි.

ඔහුගේ මන බඳින රූපකාය, සේදවත් සුසිනිඳු කටහඬ හා අසහාය දක්ෂතා…

ඔහුට ළං වන වරක් පාසා ස්වකීය ජීවිතය අනතුරෙහි බව වටහා ගත්තද ආපසු හැරී යාම ඇයට වුවමනා වූයේ නැත.

“මේ දිව්‍යමය සත්වයා මට හිමි කර ගත හැකිද?”

ඒ ඇගේ හදවත නිරන්තරයෙන් විමසූ පැනයයි.

පාසලක ගුප්ත නවයොවුන් ප්‍රේමයක් ගැන අමතක නොවන මනහර කථා පුවතක් මෙහි අන්තර්ගත ය.

Details

Language
Sinhala
Pages
287
ISBN
9789556526387