කාල රේඛාවKala Rekhawa

by දේවින්දි කෞෂල්‍යාDevindi Kaushalya

Category
Novels

About this book

පෙම්වත : පෙම්පත් එවා සුළඟේ ගිය පසු

ජෑම් ගහ හෙවණට වී හඬන්නද මම

පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන

දෑත මුහුණේ ඔබාගෙන

පැරණි දල සේයා පට මතක, මතක් කරමින්

ගස්ස ගස්සා පටු උරහිස්

හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද?

පිළිතුරක් දෙන්න නොවෙහෙසන ඔබ පවා

ආතතියෙන් පුරවන්න

“ඒ පෙම්පත් මා ලියුවේ නොවේ”

කියන්නට නොපැකිලෙන ඔබ පවා තිගැස්වන්න

හඬන්නද මම?

ඔව්!! අර ජෑම් ගහ හෙවණටම වී

Details

Language
Sinhala
ISBN
9786246523145