මගේ ආදරණීය යක්ෂණීMage Adaraneeya Yakshani

by මංජුල වෙඩිවර්ධනManjula Wediwardana

Category
Novels

About this book

ඒ බඩවත මැටියෙන් ඇඹුවා වැන්න. උදරීය සුස්මනය පවා ඇසින් ගත නො හැකි ය. සර්වබලධාරී සියල්ලන්ගේ ම ඇස් වැසූ ‘කිරි කෝපි’ උපන් ලපයක් එහි වම්පස සොඳුරු කෙළවරක හුදෙකලාවේ නිමග්නව තිබිණ.

මම ඒ මත දෙ තොල උණුහුම අතුරාලීමි. දෙ තොල අනුහස පතුරාලීමි. සිතග අනුරාගය මතුරාලීමි. සිහින්ව ඉරා, යතුගා, වැලි කරදහියකින් මැද, පලිප්පු කරන ලද්දා වූ රක්ත වර්ණයෙන් ආඪ්‍යය මැහෝගනී දැව දණ්ඩක් බඳු යක්ෂාවේෂයට ඉඩ නො ලද ඒ බඩවත ඉසියුම් හිරියකින් අසිරිමත්ව උකුලූ ඇටයක් ඉල්පී යළිත් එහි ම සැඟව ගියේ ය. ඒ උපන් සළකුණ ඇය ඉපදීමටත් පෙර කලෙක සිට ඇගේ බඩවත ම පතා උන්නා සේ ම පිවිතුරු ය. ආඩම්බරකාරී ය. ඒත්, මෙතරම් අද්වීතීය උදරයක් දරා සිටිනා සුනම්‍ය සිරුරෙහි උදාරභාවය ඇය පයිසෙකට මායිම් නො කළා ය.

Details

Language
Sinhala
ISBN
9789554469402