Mage Nama Rathuu - මගේනම රතූ

Mage Nama Rathuu - මගේනම රතූ

Sanath Balasooriya - සනත් බාලසූරිය

LKR 770.00LKR 850.00-9%
Out of Stock
Out of Stock
Description

සිය මාමණ්ඩිය ගේ දියණිය කෙරේ බැඳි ප්‍රේමයෙන් ප්‍රතික්ෂේපිතව, දීර්ඝ වූ රුදුරු විප්‍රවාසයක එකලාව සැරූ තැවුල්බර ප්‍රේමවන්තයා, දොළොස් වසක් ඇවෑමෙන් ආපසු ඉස්තාන්බුල් කරා පැමිණෙයි. ඒ සිය මාමණ්ඩිය අතින් නිමැවෙමින් තිබූ රහසිගත පුස්තකයක කටයුතුවලට උදව් වනු පිණිස, ඔහු ගේ ම ආරාධනයෙනි. මාමණ්ඩිය ගේ පුස්තකය නිමකැරෙන්නේ සුල්තාන් ගේ අනුදැනුමෙන්, එහෙත් රාජකීය සිත්තර ශිල්පායතනයට රහසිනි. එබැවින් එය රහසිගත පුස්තකයකි. එය යක්ෂයා ගේ පෙළැඹවීමෙන් කෙරෙන්නා වූ දේවාපහාසයකැයි දූසමාන ආරංචි පවා පැතිරේ. එහෙත් මේ අබිරහස් පුස්තකය තවම හරිහැටි දුටු කෙනකු ද නැත. ශිල්පායතනයේ සිත්තරු අමතර රිදීකාසි කිහිපයක් උදෙසා මහ රෑ සොරුන් මෙන් මාමණ්ඩිය ගේ, එනම් පුස්තකයේ වගකීම දරන සිත්තර ඇදුරා ගේ, නිවස කරා පැමිණ පුස්තකයේ වැඩකරති. එහෙත් ඔවුන්ගෙන් ඇතැමෙක් ද භීතියෙන් සසැලී සිටිති. තමන් ඇත්තටම කරමින් ඉන්නේ දේවාපහාසයක්ද? එහෙත් මේ පුස්තකයේ ද රන් ඔපදැමුම් කළ අලංකාරිකයා මරාදැමූ මිනීමරුවා ගැවසෙන්නේත් මේ සිත්තරුන් අතරෙහිම ය... සිසිරයේ සීතලෙන් මිදුනු දින නවයකි. පරිච්ඡේද 59ක් පුරා දිවෙන දැවන්ත පඨිතයකි. හැම පරිච්ඡේදයක් ම යනු, වෙන වෙනත් කථකයන් ගේ ආත්ම භාෂණයකි. මරාදමනු ලැබ පාළු ළිඳක් පල්ලේ වැටී සිටිනා මළමිනියේ ආත්ම භාෂණයෙන් ඇරැඹෙන කතාව කියන්නට කථකයකු ලෙස මිනීමරුවා ද පැමිණෙයි. 'මා භාවිත කරන වදන්වලින් හැකිනම් මා අල්ලාගන්නැ'යි ඔහු පාඨකයාට අභියෝග කරයි. ඒ මිනීමරුවා ම තවත් වරෙක සිය සිත්තර නාමයෙන් පෙනීසිටිමින් විශාරද සිත්තරකු මෙන් පාඨකයා හමුවට පැමිණෙයි. කුප්‍රකට කෝපිහලකට සැඳෑකල අරක්ගන්නා කතන්දරකාරයෙකුගෙන් හඬ ලබන ගසක්, රන්කාසියක්, බල්ලෙක් මතු නොව සාතන් ද කතාන්තරය කීමට හවුල් වෙති. සිය හිස්මුදුණ මත හෙලන ලද මාරාන්තික ප්‍රහාරයකින් ලේ විලක් මැද මියයමින් සිටින සිත්තර ඇදුරා ද, එක ම එක අසිපත් පහරකින් කඳින් සිඳී මඩගොහොරුවක පතිත ඔළුගෙඩියක් ද පාඨකයා අමතා කතාකරති. | සිය මාමණ්ඩිය ගේ දියණිය කෙරේ බැඳි ප්‍රේමයෙන් ප්‍රතික්ෂේපිතව, දීර්ඝ වූ රුදුරු විප්‍රවාසයක එකලාව සැරූ තැවුල්බර ප්‍රේමවන්තයා, දොළොස් වසක් ඇවෑමෙන් ආපසු ඉස්තාන්බුල් කරා පැමිණෙයි. ඒ සිය මාමණ්ඩිය අතින් නිමැවෙමින් තිබූ රහසිගත පුස්තකයක කටයුතුවලට උදව් වනු පිණිස, ඔහු ගේ ම ආරාධනයෙනි. මාමණ්ඩිය ගේ පුස්තකය නිමකැරෙන්නේ සුල්තාන් ගේ අනුදැනුමෙන්, එහෙත් රාජකීය සිත්තර ශිල්පායතනයට රහසිනි. එබැවින් එය රහසිගත පුස්තකයකි. එය යක්ෂයා ගේ පෙළැඹවීමෙන් කෙරෙන්නා වූ දේවාපහාසයකැයි දූසමාන ආරංචි පවා පැතිරේ. එහෙත් මේ අබිරහස් පුස්තකය තවම හරිහැටි දුටු කෙනකු ද නැත. ශිල්පායතනයේ සිත්තරු අමතර රිදීකාසි කිහිපයක් උදෙසා මහ රෑ සොරුන් මෙන් මාමණ්ඩිය ගේ, එනම් පුස්තකයේ වගකීම දරන සිත්තර ඇදුරා ගේ, නිවස කරා පැමිණ පුස්තකයේ වැඩකරති. එහෙත් ඔවුන්ගෙන් ඇතැමෙක් ද භීතියෙන් සසැලී සිටිති. තමන් ඇත්තටම කරමින් ඉන්නේ දේවාපහාසයක්ද? එහෙත් මේ පුස්තකයේ ද රන් ඔපදැමුම් කළ අලංකාරිකයා මරාදැමූ මිනීමරුවා ගැවසෙන්නේත් මේ සිත්තරුන් අතරෙහිම ය... සිසිරයේ සීතලෙන් මිදුනු දින නවයකි. පරිච්ඡේද 59ක් පුරා දිවෙන දැවන්ත පඨිතයකි. හැම පරිච්ඡේදයක් ම යනු, වෙන වෙනත් කථකයන් ගේ ආත්ම භාෂණයකි. මරාදමනු ලැබ පාළු ළිඳක් පල්ලේ වැටී සිටිනා මළමිනියේ ආත්ම භාෂණයෙන් ඇරැඹෙන කතාව කියන්නට කථකයකු ලෙස මිනීමරුවා ද පැමිණෙයි. 'මා භාවිත කරන වදන්වලින් හැකිනම් මා අල්ලාගන්නැ'යි ඔහු පාඨකයාට අභියෝග කරයි. ඒ මිනීමරුවා ම තවත් වරෙක සිය සිත්තර නාමයෙන් පෙනීසිටිමින් විශාරද සිත්තරකු මෙන් පාඨකයා හමුවට පැමිණෙයි. කුප්‍රකට කෝපිහලකට සැඳෑකල අරක්ගන්නා කතන්දරකාරයෙකුගෙන් හඬ ලබන ගසක්, රන්කාසියක්, බල්ලෙක් මතු නොව සාතන් ද කතාන්තරය කීමට හවුල් වෙති. සිය හිස්මුදුණ මත හෙලන ලද මාරාන්තික ප්‍රහාරයකින් ලේ විලක් මැද මියයමින් සිටින සිත්තර ඇදුරා ද, එක ම එක අසිපත් පහරකින් කඳින් සිඳී මඩගොහොරුවක පතිත ඔළුගෙඩියක් ද පාඨකයා අමතා කතාකරති.

CategoryNovels
LanguageSinhala
ISBN 9789553853646

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00