මන්දස්මිතMandasmitha

by Nuu Perera

Category
Novels

About this book

ඉම නොපෙනෙන අඳුරු නිම්නයක

එළිය දී පෑයූ පහන් තරුව

පෙම් සිත නො රැවටූ

නුඹයි මගේ මන්දස්මිතය

මන්දස්මිත

ෆැන්ටසියක් නො වූ අපි හැමෝගෙම කතාව

බොහෝ දෙනෙක් අතර තිබෙන මිථ්‍යා මතවාදයක් තමයි ලිංගික හිංසනයක් නිසා ලිංගික දිශානතිය වෙනස් වෙන බව. නැතිනම් සමලිංගික වන බව, නමුත් විද්‍යාත්මක පරීක්ෂණවලින් මෙය තහවුරු කර නොමැත සමලිංගික පුද්ගලයෙක් අතින් ලිංගික හිංසනයට ලක් වුවද විෂම ලිංගික දිශානතියක් කෙනෙක්ට ලැබිය හැකියි. ඒ අනුව පෙනී යන්නේ බලහත්කාරයෙන් කෙනෙක්ගෙ ලිංගික දිශානතිය වෙනස් කළ නොහැකි බවයි.

නමුත් කෙනෙක් ලිංගික හිංසනයට හෙවත් දූෂණයට ලක්ව තිබේ නම් එහිදී නිසි මානසික ප්‍රතිකාර ලබාගත යුතුය. ලිංගික හිංසනයට ලක් වූ බොහෝ දෙනෙක් ලිංගික හිංසන කම්පන සින්ඩරෝමයමය හෙවත් Rape trauma syndrome හේතුවෙන් මානසිකව පීඩාවට පත් විය හැක. එම නිසා වෘත්තීමය මනෝ වෛද්‍යවරයකු වෙතට යාමට වින්දිත පාර්ශ්වයන් අභිප්‍රේරණය කළ යුතුය.

Details

Language
Sinhala
Pages
763
Published Year
2026
ISBN
9786246817046