නොස්ටැල්ජියාNostalgia

by Kavindya Hettiarachchi

Category
Novels

About this book

ඇඳක් උඩ ගුලි වෙච්ච අවුරුදු විස්සක – විසි එකක තරුණ කෙල්ලෙක්ට බැරි වුණාම තනිකම උහුලගන්න… ඇයගේ හීන ලෝකේ, එහෙම නැත්තම් ෆැන්ටසියේ අවකාශය ආදරේ විදියට පේන එක, දකින එක යථාර්ථයේ ඉඳන් බලද්දී තාර්කික නොවුණත්…ෆැන්ටසියට අඩිය තිව්ව දාක සර්වසාධාරණයි… ඒකත් හරියට කුමාරයෙක් නැති සුරංගනා කතාවක් වගේ…

ආදරය සමානයි අවකාශය බව සහතිකයි… ඒත් අවකාශය සමානයි හිස් බව යන්න සම්පූර්ණයෙන් ව්‍යාජයි… හේතුව ආදරය ගිලගන්නේ අවකාශයම නම් මුහුදයි, අහසයි කියන්නේත් අවකාශයේ කොටස් නේද…

මොකද තනි වුණු මිනිස්සු හැමදාම හුස්ම පිට කළේ මුහුද දිහා බලන්… කඳුළු පිහදැම්මේ අහස දිහා බලන්… නොපෙනෙන ආදරේ හොයන එක නතර කරන්න. මොකද අවකාශයට පාටක් නෑ… එක්කෝ ඒ පාටට නමක් මම දන්නේ නෑ… ඒත් පේන ආදරේ දිහා බලන්න… ඒ කිව්වෙ අහසයි මුහුදයි දිහා බලන්න…

ආදරේ ලස්සනයි… ආදරේට කැමති පාටක් දෙන්න පුළුවන්…

හරියට ඔයා නිල් පාට දුන්නා වගේම…

Details

Language
Sinhala
Pages
168
Published Year
2024
ISBN
9786246417642