Pappataka - පප්ඵටක

Pappataka - පප්ඵටක

Chandika Abeywickrama - චන්දික අබේවික්‍රම

LKR 770.00LKR 900.00-14%
Out of Stock
Out of Stock
Description

ඉක්මන් අඩි තබමින් තමා ඉදිරියට එන ස්ත්‍රී රුව දුටු මඳ කිපුණු ඇතාගේ නෙත්වල කනීනිකා සිදුරු විසල් වී ගියේය. ඌ හොඬ ඔසොවා මහ හඬින් කෑගැසුවේය. එහෙත් ස්ත්‍රී රුවේ පසුබෑමක් නම් නොවීය. එහෙයින්ම ඇතා නොමඳ කලබලයට පත් විය. ඌ නැවතත් අනතුරු ඇඟවීමක් ලෙසටදෝ, ඉදිරි පය දෙක ඔසොවා පොළොව දෙදරන සේ බිම ඇන හොඬ ඔසොවා කෑගැසුවේය. එහෙත් හුළුඅත්ත අතින් ගත් ගැහැනියගේ ගමන නම් බාල නොවීය. ඇතා එවර විපිළිසරව ගිය ගතියකි. එවර ඌ පිට කළ හඬ යම් අපහසුතාවයකට පත් ගතියක් පෙන්නුවේය. නොබා ඉදිරියට ගිය ගැහැනිය, දකුණතෙහි වූ හුළුඅත්තෙන් තමාට වඩා දෙගුණයකටත් වඩා උසැති මහඇතාගේ පපුතලයට පහර දුන්නාය! පසුබිමෙන්, බිමට සමතළා වූ මහා පව්වක් සේ දණ බිම ඔබා තනි දළය පොළොවේ ඇන හොඬෙන් සන්සුන් සහ අදරැති ‘ගොර ගොර’ හඬක් නඟන මද ගලන ඇතාය. හාත්පස, ගිනිගත් කනමැදිරියන් සේ කැරැකෙමින් නළියමින් දිලියෙමින් සුළඟට හසුව රඟන කිණිහිරියා මල් බඳු හුළු දඹු ගොන්නය. ඒ සියල්ලට ඉදිරියෙන්, ඒවා පසුබිම් කරගෙන මඳ සුළඟේ ලෙළෙන නෙරි පොටද සහිතව දණට හැඳි චීත්තයත් තද රතු පෑ හැට්ටයත් හැඳ පිටුපසට කර බැඳි කොණ්ඩ ගෙඩිය සහිත රළු පෙනුමැති කෙසඟ ගැහැනියය. සිරිසේන වෙදනා වෙවුලමින් දණින් වැටුණේය. “දෙයියෝ බුදුවන්ඩ, දත්‍වදංගහවැවේ කිරිඅම්මා!” | ඉක්මන් අඩි තබමින් තමා ඉදිරියට එන ස්ත්‍රී රුව දුටු මඳ කිපුණු ඇතාගේ නෙත්වල කනීනිකා සිදුරු විසල් වී ගියේය. ඌ හොඬ ඔසොවා මහ හඬින් කෑගැසුවේය. එහෙත් ස්ත්‍රී රුවේ පසුබෑමක් නම් නොවීය. එහෙයින්ම ඇතා නොමඳ කලබලයට පත් විය. ඌ නැවතත් අනතුරු ඇඟවීමක් ලෙසටදෝ, ඉදිරි පය දෙක ඔසොවා පොළොව දෙදරන සේ බිම ඇන හොඬ ඔසොවා කෑගැසුවේය. එහෙත් හුළුඅත්ත අතින් ගත් ගැහැනියගේ ගමන නම් බාල නොවීය. ඇතා එවර විපිළිසරව ගිය ගතියකි. එවර ඌ පිට කළ හඬ යම් අපහසුතාවයකට පත් ගතියක් පෙන්නුවේය. නොබා ඉදිරියට ගිය ගැහැනිය, දකුණතෙහි වූ හුළුඅත්තෙන් තමාට වඩා දෙගුණයකටත් වඩා උසැති මහඇතාගේ පපුතලයට පහර දුන්නාය! පසුබිමෙන්, බිමට සමතළා වූ මහා පව්වක් සේ දණ බිම ඔබා තනි දළය පොළොවේ ඇන හොඬෙන් සන්සුන් සහ අදරැති ‘ගොර ගොර’ හඬක් නඟන මද ගලන ඇතාය. හාත්පස, ගිනිගත් කනමැදිරියන් සේ කැරැකෙමින් නළියමින් දිලියෙමින් සුළඟට හසුව රඟන කිණිහිරියා මල් බඳු හුළු දඹු ගොන්නය. ඒ සියල්ලට ඉදිරියෙන්, ඒවා පසුබිම් කරගෙන මඳ සුළඟේ ලෙළෙන නෙරි පොටද සහිතව දණට හැඳි චීත්තයත් තද රතු පෑ හැට්ටයත් හැඳ පිටුපසට කර බැඳි කොණ්ඩ ගෙඩිය සහිත රළු පෙනුමැති කෙසඟ ගැහැනියය. සිරිසේන වෙදනා වෙවුලමින් දණින් වැටුණේය. “දෙයියෝ බුදුවන්ඩ, දත්‍වදංගහවැවේ කිරිඅම්මා!”

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00