” එතකොට අභිරු මේ සතියෙ රන්දි එක්ක ගමේ යනවා?”
” ඔව් කුෂී මැඩම්…. රන්ධාරා කීවේ අචල හඬකිනි.
” දුව බය වෙයිද දන්නෑ රන්දි… කුෂාන්ති කීවේ. තම දියණියන් තිදෙනා සිහිව ය.
භානුකත්, කුෂාන්තිත් අභීත් හා වීණාවී වෙත ඝණට පණ සේ බැඳී උන්නද දියණියන් තිදෙනා කිසිදා අභිරු හා අභිෂේකා සමග බැදුණේ නැත.
ඔවුන් තිදෙනා, අභිරු හා අභිෂේකා දුටු විට බිය වී පලා ගොස් සැඟවුණහ.
කුෂාන්තිට තිබුණේ ඒ අත්දැකීම්ය.
රන්ධාරා හිනැහුණේ මෘදු ලෙසය.
මගෙ දුව එහෙම නෑ කුෂී මැඩම්… මේ පුංචි වයසට එයා ළඟ තියෙන මනුස්සකම ළඟ මාත් පරාදයි…”