Seeni Murukku - සීනි මුරුක්කු

Seeni Murukku - සීනි මුරුක්කු

කසුන් මහේන්ද්‍ර හීනටිගල - Kasun Mahendra Heenatigala

LKR 1,080.00LKR 1,200.00-10%
In Stock
Description

කවියෙන් ගීතමය ලිවිල්ලත්, ඉක්බිති දෘශ්ය රූප මැවිල්ලත් දක්වා දුර දිගෑදී ගිය කසුන් මහේන්ද්ර හීනටිගලගේ නිර්මාණාත්මක මුරණ්ඩුකම සහ බුහුටිභාවය සීනි මුරුක්කු සමග වෙනත් ස්වරූපයකින් අපට අභිමුඛ වී තිබේ. ප්රබන්ධ සාහිත්ය වපසරියේ කෙටිකතාව යනු කෙටියෙන් කතා කීම නොවේ. වෙනත් ඉගැඹුරු ඉසියුම් සාහිත්යය අඩංගුවකින් යුක්තව සහෘද ගත වන්නට ඊට හැකි වන්නේ එනයිනි. දුම් පිටවනු පිණිස සදා නිම කළ අකාරුණික දුම්බටයකින් උපක්රමිකව රිංගා ඇතුළුව තිගස්සනසුලු මල් සුවඳක් සේ කෙටිකතාව අපට දැනෙන්නේ මෙකී සාහිත්යය අඩංගුව හන්දා ය. ගැඹුරු කෙටිකතාකරුවෙක් නම් තමන් දෛනිකව අත්විඳින සමාජ ජීවිතය අපසාරී මෙන් ම ව්යුක්ත වීමට සමාන්තරව, ස්වකීය අභ්යන්තර ජීවිතය විසින් ගොඩනැගෙන ආත්මීයත්වය හරහා අභිසාරී මෙන් ම සංයුක්ත ජීවන යථාර්තයන් වෙත පර්යාලෝකය එල්ල කරලන්නට නිර්මාණාත්මක ශ්රමය වැගිරිය යුතු ය. එය ප්රතිභාව පිළිබඳ කාරණාවක් නොවේ. එමෙන්ම එය කතිකාව පිළිබඳ කාරණාවක් ද නොවේ. එ මෙන් ම එය හුදු භාෂා ගොඩනැංවීමක් ද නො වන්නේ ය. එය ජීවිතය පිළිබඳ කාරණයකි. නිර්මාණ කරුවෙක් නම් අතිශය පළල් ගැඹුරු ජීවිතයක් අත්වින්ද යුතු ය. මේ ලියන්නා එබන්දෙක් ය. සීනි මුරුක්කු ඇතුළු විසි වැදෑරුම් ගොඩනැගීම් හරහා මේ කෙටිකතාකාර හිතුවක්කාර තරුණයා සහෘදයන්ට අභිමුඛ වන්නේ තමන් සතු භෞතික හා ආධ්යාත්මික ජීවිතයේ දිග පළල අවධාරණය කරමින් ය! | කවියෙන් ගීතමය ලිවිල්ලත්, ඉක්බිති දෘශ්ය රූප මැවිල්ලත් දක්වා දුර දිගෑදී ගිය කසුන් මහේන්ද්ර හීනටිගලගේ නිර්මාණාත්මක මුරණ්ඩුකම සහ බුහුටිභාවය සීනි මුරුක්කු සමග වෙනත් ස්වරූපයකින් අපට අභිමුඛ වී තිබේ. ප්රබන්ධ සාහිත්ය වපසරියේ කෙටිකතාව යනු කෙටියෙන් කතා කීම නොවේ. වෙනත් ඉගැඹුරු ඉසියුම් සාහිත්යය අඩංගුවකින් යුක්තව සහෘද ගත වන්නට ඊට හැකි වන්නේ එනයිනි. දුම් පිටවනු පිණිස සදා නිම කළ අකාරුණික දුම්බටයකින් උපක්රමිකව රිංගා ඇතුළුව තිගස්සනසුලු මල් සුවඳක් සේ කෙටිකතාව අපට දැනෙන්නේ මෙකී සාහිත්යය අඩංගුව හන්දා ය. ගැඹුරු කෙටිකතාකරුවෙක් නම් තමන් දෛනිකව අත්විඳින සමාජ ජීවිතය අපසාරී මෙන් ම ව්යුක්ත වීමට සමාන්තරව, ස්වකීය අභ්යන්තර ජීවිතය විසින් ගොඩනැගෙන ආත්මීයත්වය හරහා අභිසාරී මෙන් ම සංයුක්ත ජීවන යථාර්තයන් වෙත පර්යාලෝකය එල්ල කරලන්නට නිර්මාණාත්මක ශ්රමය වැගිරිය යුතු ය. එය ප්රතිභාව පිළිබඳ කාරණාවක් නොවේ. එමෙන්ම එය කතිකාව පිළිබඳ කාරණාවක් ද නොවේ. එ මෙන් ම එය හුදු භාෂා ගොඩනැංවීමක් ද නො වන්නේ ය. එය ජීවිතය පිළිබඳ කාරණයකි. නිර්මාණ කරුවෙක් නම් අතිශය පළල් ගැඹුරු ජීවිතයක් අත්වින්ද යුතු ය. මේ ලියන්නා එබන්දෙක් ය. සීනි මුරුක්කු ඇතුළු විසි වැදෑරුම් ගොඩනැගීම් හරහා මේ කෙටිකතාකාර හිතුවක්කාර තරුණයා සහෘදයන්ට අභිමුඛ වන්නේ තමන් සතු භෞතික හා ආධ්යාත්මික ජීවිතයේ දිග පළල අවධාරණය කරමින් ය!

CategoryNovels
LanguageSinhala
Pages312
ISBN9789553132581

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00