තැනිතලාවේ පිහිටි කුඩා නිවසThanithalawe Pihiti Kuda Niwasa

by ගංගා නිරෝෂිණී සුදුවැලිකන්දGanga Niroshinie Suduwalikanda

Category
Translation

About this book

නත්තල ළඟ ළඟ එමින් තිබූ අතර හිම නොමැතිව නත්තල් සීයාට හා ඔහුගේ පිනි මුවන්ට ගමන් කිරීමට නොහැකි වනු ඇතැයි ලෝරා බියට පත්වී සිටියාය. හිම වැටුණද, මේ තරම් දුර ඈත ඉන්දියානු දේශයක සිටින ඔවුන්ව නත්තල් සීයාට සොයා ගනු නොහැකි වනු ඇතැයි මේරි බියට පත් වූවාය. ඔවුන් අම්මාගෙන් ඒ පිළිබද විමසූ විට තමා ඒ ගැන නොදන්නා බව ඇය කීවාය.

“අද කවද්ද?” යි ඔවුහු අවුල් වී ගිය සිතින් යුතුව අම්මාගෙන් ඇසූහ. “නත්තල් එන්න තව දවස් කීයක් තියෙනවද?” ඔවුන් සිය ඇඟිලිවලින් දින ගණන් කරන්නට වූ අතර අන්තිමේදී එක ම එක දවසක් පමණක් ඉතිරි විය.

ඒ උදෑසන පටන්ම වර්ෂාව ඇද හැලෙන්නට විය. අළු පැහැති අහස් තලයේ එකම එක හිඩැසක්වත් නොවීය. මධ්‍යාහ්නයට මොහොතකට පෙර ආලෝකය වෙනස් විය. වලාකුළු කැඩී ඒ මේ අත පාවෙන්නට වූ අතර පැහැදිලි නිල්වන් අහස් තලයේ දිලිසෙන සුදු පැහැයක් විය. හිරු බැබළෙන්නට වූ අතර කුරැල්ලෝ ගී ගැයූහ. දහස් ගණන් දිය බිඳු තණ පලස් මත දිලිසෙන්නට විය. එහෙත් අම්මා නැවුම් සීතල සුළඟට ගෙතුළට එනු පිණිස දොර හැරිය විට ඔය මහ හඬක් නඟමින් ගලා බසිනු ඔවුන්ට ඇසිණි.

Details

Language
Sinhala
ISBN
9789556520422