වනස්පතිනියWanaspathiniya

by දර්ශනා ශම්මි විජේතිලකDarshana Shammi Wijetilaka

Category
Novels

About this book

පිළිල සැදී මිය යන්නට ආසන්නව තිබූ මීඅඹ ගස පුරා සරුවට දලු දමා ඇත. පිළිල කප්පවා අළු හුනු ඇතිල්ලීමෙන් විනාශ වුණ පිළිල නැවත මතු වූයේ නැත. සාත්තුවක් නොකර නිකම්ම තියෙන්න ඇරියා නම් මී අඹ ගස මිය යන්නට තිබුණි. ගසේ අතරින් පතර අඹ මල් පොකුරු දෙක තුනක් ද සුළඟට නැළ වේ. හිතුවක්කාරකම, පණ්ඩිතකම, ගරුගාම්භීරකම මේ හැම දේම කැටි වුණ සභාපති මහත්තයාගේ දැවැන්ත සෙවණැල්ල තමාගේ ජීවිතය වසාගෙන ඉතිරී පැතිරී මේ දක්වා තිබුණා සේම තමා මිය යන තුරුම ඒ සෙවණ තමා වසා පැතිරී තිබෙන තාක් කල් තමාට ජීවිතයට උපේක්ෂාවෙන් මුහුණ දිය හැකි වන බව, ප්‍රශ්න හමුවේ නොසැලී සිටින්නට හැකි බව සිහි කරමින් පියගැට පෙළ නැග්ගේ පහන් වූ සිතිනි.

Details

Language
Sinhala
ISBN
9789553136480