
ඉමේෂ් මධුශංක යාපා - Imesh Madushanka Yapa
2003 වර්ෂය බැග්ඩෑඩයේ ඇදවැටීම ... ආයුධ සන්නද්ධ කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවන නගරයේ සත්වෝද්‍යානයේ ඇති රහසිගත භූගත විද්‍යාගාරයක්, දරුණු සටන් සහ වෙඩි ප්‍රහාර මධ්‍ය යේ කොල්ලකෑමට ලක් වේ. එතුළින් ලොවට මුදාහැරෙන්නේ අති බිහිසුණු රහසකි. සත් වසරකට පසුව...... දරුණු සුළි කුණාටුවක් මධ්‍ය යේ මුහුදුබත් වී අමෙරිකානු වෙරළ තීරයට ගසා ගෙන එනු ලදුව අතහැර දැමූ, සත්ව ජාවාරම්කරුවන්ට අයත් යැයි සැලකෙන රහසිගත ට්‍රෝලර් යාත්‍රාවක්, ලුසියානා ප්‍රාන්තයේ පශුවෛද්‍යවරියක වන ලෝනා පොල්ක්ගේ විශේෂ විමර්ශනයට ලක් වේ. එතුළ වූ කූඩු වල රඳවා සිටියදී ඇයට හමුවන්නේ ඉතා දුර්ලභ සත්ව විශේෂ එකතුවකි. ඇයට රම සතුන් වෙතින් සිත් කළඹවාලනුසුලු අන්දමේ විකෘති රැසක් දක්නට ලැබේ. උන් අතර පිහාටු රහිත ගිරවෙක්, එකිනෙකාට බද්ධ වූ වඳුරන් යුවළක් සහ පාද සහිත පිඹුරෙක්ද සිටී. එමෙන්ම, උන් සියලු දෙනාටම ඇදහිය නොහැකි තරමේ ඉහළ බුද්ධි මට්ටමක් ඇති බවද නිරීක්ෂණය වේ. සියල්ල ඇරඹෙන්නේ, මුහුදුබත් වූ යාත්‍රාවෙන් අති බිහිසුණු මිනීමරු මෘගයෙක් පැනගොස් ඇති බව අනාවරණය වීමත් සමඟය. | 2003 වර්ෂය බැග්ඩෑඩයේ ඇදවැටීම ... ආයුධ සන්නද්ධ කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවන නගරයේ සත්වෝද්‍යානයේ ඇති රහසිගත භූගත විද්‍යාගාරයක්, දරුණු සටන් සහ වෙඩි ප්‍රහාර මධ්‍ය යේ කොල්ලකෑමට ලක් වේ. එතුළින් ලොවට මුදාහැරෙන්නේ අති බිහිසුණු රහසකි. සත් වසරකට පසුව...... දරුණු සුළි කුණාටුවක් මධ්‍ය යේ මුහුදුබත් වී අමෙරිකානු වෙරළ තීරයට ගසා ගෙන එනු ලදුව අතහැර දැමූ, සත්ව ජාවාරම්කරුවන්ට අයත් යැයි සැලකෙන රහසිගත ට්‍රෝලර් යාත්‍රාවක්, ලුසියානා ප්‍රාන්තයේ පශුවෛද්‍යවරියක වන ලෝනා පොල්ක්ගේ විශේෂ විමර්ශනයට ලක් වේ. එතුළ වූ කූඩු වල රඳවා සිටියදී ඇයට හමුවන්නේ ඉතා දුර්ලභ සත්ව විශේෂ එකතුවකි. ඇයට රම සතුන් වෙතින් සිත් කළඹවාලනුසුලු අන්දමේ විකෘති රැසක් දක්නට ලැබේ. උන් අතර පිහාටු රහිත ගිරවෙක්, එකිනෙකාට බද්ධ වූ වඳුරන් යුවළක් සහ පාද සහිත පිඹුරෙක්ද සිටී. එමෙන්ම, උන් සියලු දෙනාටම ඇදහිය නොහැකි තරමේ ඉහළ බුද්ධි මට්ටමක් ඇති බවද නිරීක්ෂණය වේ. සියල්ල ඇරඹෙන්නේ, මුහුදුබත් වූ යාත්‍රාවෙන් අති බිහිසුණු මිනීමරු මෘගයෙක් පැනගොස් ඇති බව අනාවරණය වීමත් සමඟය.