Loveena - ලොවිනා

Loveena - ලොවිනා

Mohan Raj Madawala - මොහාන් රාජ් මඩවල

LKR 1,480.00LKR 1,650.00-10%
තොගයේ ඇත
විස්තරය

අතීතය කල්පාග්නියේ ගිනියම්ව දැවී ගොස්ය. එබැවින් අතීතය හුදු අතීතයක්ව හමාරය. අනාගතය තවම උදා වී නොමැත. හෙට වෙන දෙයෙහි අයිතිය හෙටට වේ. අදට අයිතිවන්නේ අද වෙන දේ පමණකි. ‍මෙවන් දාර්ශනික චින්තනයකින් සමන්විතව අතීතයෙනුත් අනාගතයෙනුත් වෙන්ව වර්තමානයේ ජීවත් වූ ඇයව අපට හමු වන්නේ ලොවිනා කෘතිය තුළය. අතීතයේ රජ දවස රාජ උරුමයන් අහිමි වූ රත්නවල්ලි කුමාරිකාවගේ පරම්පරාවෙන් පැවත එන රොඩී කුලයේ ‍දුක්ඛ දෝමනස්සයන් මෙන්ම තවත් එක් මනුෂ්‍යයන් පිරිසක් ලෙස සමාජය නොසැලකීම හේතුවෙන් සිදු වූ අසාධාරණ සමාජ පීඩා එක් පසෙකින්ද පෘතුග්‍රීසි උරුමය ජාතක කර ගනිමින් මෙරටේ ජන්ම ලාභය ලැබූ දස්කොන් මහ අධිකාරම හෙවත් ගැස්කොයින් සහ නරේන්ද්‍රසිංහ රජුගේ බිසෝ තනතුරු ලැබූ මධුරාවේ කුමාරිය ප්‍රමිලා බිසව අතර ඇති වූ ආදර වියෝව තවත් ‍පසෙකින්ද බ්‍රිතාන්‍ය කිරීටයේ අනුහසින් මෙරට ආණ්ඩු කරවූ හමුදා නිලධාරි, තෝමස් මේට්ලන්ඩ් නම් ආණ්ඩුකාරවරයා සහ පෘතුගීසි ජාන සහ සිංහලයේ රොඩී ජාන මුසු කර සොබාදම් මාතාවගේ අපූර්වතම නිමැවුම වූ ලොවීනා නම් තරුණිය අතර ඇති වූ ආදර පුරාණය අනෙක්පසින්ද තබා “පුන්නා” නම් ශක්තිමත් හුයෙන් අමුණා කතුවරයාගේ පරිකල්පනීය ඉද්දෙන් ගෙත්තම් කළ දුෂ්කර ව්‍යායාමයේ සුපුෂ්පිත කුසුම ලොවීනාය. ඓතිහාසික සිදුවීම් කිහිපයක් ඔස්සේ සිතුවිලි දැහැන් ගත කරවමින් දිග හැරෙන ලොවීනා ඓතිහාසික කතාවක වර්තමාන ඵලයය. ජීව විද්‍යාත්මත්මක වහලෙක් ජීවියෙක් වන මිනිසා තම සිත පතුළටම කිඳා බැස ඇති ජාගර සිතුවිලි තුළ වල් වැදුනු ලිංගිකත්වය සන්තර්පනය කිරීමේ ලාලසාව පෙරදැරි කරගනිමින් සිදු වන ගැහැණියගේ ලිංගික සූරා කෑම අතීතයේ සිට වර්තමානය දක්වාම සිදු වූ හා සිදු වෙමින් පවතින්නක් බවට ලොවීනා අපට දෙස් දෙයි. එසේම ස්ත්‍රිය භාණ්ඩිත තත්වයෙන් ලඝු කර දැක්විය නොහැකි බවත් ඇය මානුෂීය හැඟිම් මඩනාලද්දික් නොවන බවත් ආදරය යනු රතියම නොවන වගත් රතිය යනු ආදරය නොවන වගත් කුලය යනු එක් එක් සමාජ වටපිටාව මත විවිධ වටිනාකම් ජනිත කරන්නක් මෙන්ම විටෙක කිසිදු වැදගැම්මක් නොමැති තත්ත්වයක් බවත් පෙන්නුම් කරයි. සර්බලධාරිත්වය පෙන්නුම් කරන ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් දිගහැරෙන ලොවීනා තුළ අභ්‍යන්තරයේ දිව යන්නේ ගැහැණිය නම් මනුෂ්‍ය දුව අදටත් විවිධ දිශානතිව සිදු කරන පුරුෂ මූලික සමාජයේ ජීවන සංග්‍රාමයයි. ලොවීනා හි එක් චරිතයක් නිරූපණය කරන සසිරා, උපතින් නොව ජීවත් වීමෙන් කළු සමකට උරුමකම් කීම තම කුලයේ පහත්කමින් ජීවිත කාලයේදී අත්විදි අනේක විද සමාජ දුක් ගැහැට ලෙස ලොවීනාහි සංකල්ප රූප නංවයි නම් සසිරාගේ මරණයෙන් මොහොතකට පෙර ඔහුව පිරිසුදු කර එකී කලුපාට සෝදා හැර උපතෙන් ලද සමේ වර්ණය ඉස්මතු කිරීමෙන් කතුවරයා දක්වන්නේ තමන් ශිෂ්ටාචාර ගත වී ඇතැයි වහසි බස් දොඩවන ඊනියා ශිෂ්ටාචාරගත මිනිසා ගොඩ නගා ගත් කුලය තවත් එක් සංස්කෘතික සහ සමාජ සීමා මායිම් නිර්ණය කිරීමේ සළකුණක් පමණක් වන බවත් මරණය අභියස දී සියලු මිනිසුන් එකම කුලකයක අවයවයන් බවත් නොවේද... එනයින් සිදු විය යුතු පුළුල් සමාජ කතිතාවතක අවශ්‍යතාවත් නොවේද..... එසේම ජාතියේ අළු මතින් උපත ලැබූ ලොවීනා තම වර්ගයාට නිදහස් සමාජ දිවිපෙවෙතක් උරුම කර දීම දක්වා වූ සිද්ධි සමුදාය ඉදිරිපත් කිරීමේදී කතාකරු උපයෝගී කර ගත් සංකේතාත්මක භාෂාවත් මායා යථාර්ථවාදයත් කතා කලාවේ කතුවරයා සතු බුහුටිබව සහ ප්‍රතිභාව පෙන්වන ජීවමාන සාධකයෝ වෙත්. එහෙත් ලොවීනා තුළින්, පණ පෙවෙන රොඩී කුලයේ හරස්කඩ ඔස්සේ ගවේෂණාත්මකව සිදු කරන සමාජ විවරණයේදී රොඩී භාෂාවේ යෙදුම් සහිත දෙබස් ඉතා අවම මට්ටමක භාවිතය කතාව පුරාම දැකිය හැකි භාෂාමය දුබලතාවක් ලෙස ගැනිය හැකි වුවත් සමහර විට එකී භාෂා ව්‍යවහාරය යොදා ගැනීමෙන් කතාව පාඨකයා තුළට කිදා බැස්සවීමේ ගැටලු සහගත තත්ත්වයක් කතුවරයා දුටුවේදැයි සැක සිතේ. එසේම අවස්ථා අතලොස්සකදී කුතුවර‍යා පාඨකයා ඉදිරියේ පෙනී සිට කතාව තුළ තම ආධිපත්‍ය පෙන්වීමක්ද දැකිය හැක‍. කෙසේ වෙතත් දස්කොන් හ‍ට සිංහලයේ මනා වූ පද සංයෝගයන් සහිතව කවි නිර්මාණය කිරීමට තරම් වෙනත් රටකින් පැමිණි කාන්තාවක් වූ ප්‍රමිලා බිසව සිංහ‍ලයේ අවුරුදු කිහිපයක් ජීවත් වී ඉතා කෙටි කලක් ඇතුළත සිංහලය ප්‍රගුණ කරන ලද්දීද...... නැතහොත් වෙනත් අන්තඃපුර ලලනාවක් එකී සාහිත්යික නිර්මාණ සඳහා සහය වන ලද්දීද...... තෝමස් මේට්ලන්ඩ් හට ලොවීනා තම සැලමුතු පෙම පුද කළේද.... මේට්ලන්ඩ් ලංකාව හැර ගිය පසු එකී දුක්ඛප්‍රප්තිය අවසන ලොවීනා තම ජීවිතය මහ සයුරේ රළ අතර සැ‍ඟෙවුවාද නැතහොත් ඈ කිසිදු සළකුණක් ඉතිරි නොකර පළා යන ලද්දීද...... වැනි ඉතිහාසගත කතා පුවතේ සැඟවී ගිය අහුකොන් තම පරිකල්පනීය චිත්‍රය තුළ සීමා මායිම් රහිතව විදාරණය කිරීම සඳහා වූ කතුවරයා සතුව ඇති අග්‍රගන්‍ය සාහිත්යික කෞෂල්‍යය ලොවීනා තුළින් පිළිබිඹු වේ. | අතීතය කල්පාග්නියේ ගිනියම්ව දැවී ගොස්ය. එබැවින් අතීතය හුදු අතීතයක්ව හමාරය. අනාගතය තවම උදා වී නොමැත. හෙට වෙන දෙයෙහි අයිතිය හෙටට වේ. අදට අයිතිවන්නේ අද වෙන දේ පමණකි. ‍මෙවන් දාර්ශනික චින්තනයකින් සමන්විතව අතීතයෙනුත් අනාගතයෙනුත් වෙන්ව වර්තමානයේ ජීවත් වූ ඇයව අපට හමු වන්නේ ලොවිනා කෘතිය තුළය. අතීතයේ රජ දවස රාජ උරුමයන් අහිමි වූ රත්නවල්ලි කුමාරිකාවගේ පරම්පරාවෙන් පැවත එන රොඩී කුලයේ ‍දුක්ඛ දෝමනස්සයන් මෙන්ම තවත් එක් මනුෂ්‍යයන් පිරිසක් ලෙස සමාජය නොසැලකීම හේතුවෙන් සිදු වූ අසාධාරණ සමාජ පීඩා එක් පසෙකින්ද පෘතුග්‍රීසි උරුමය ජාතක කර ගනිමින් මෙරටේ ජන්ම ලාභය ලැබූ දස්කොන් මහ අධිකාරම හෙවත් ගැස්කොයින් සහ නරේන්ද්‍රසිංහ රජුගේ බිසෝ තනතුරු ලැබූ මධුරාවේ කුමාරිය ප්‍රමිලා බිසව අතර ඇති වූ ආදර වියෝව තවත් ‍පසෙකින්ද බ්‍රිතාන්‍ය කිරීටයේ අනුහසින් මෙරට ආණ්ඩු කරවූ හමුදා නිලධාරි, තෝමස් මේට්ලන්ඩ් නම් ආණ්ඩුකාරවරයා සහ පෘතුගීසි ජාන සහ සිංහලයේ රොඩී ජාන මුසු කර සොබාදම් මාතාවගේ අපූර්වතම නිමැවුම වූ ලොවීනා නම් තරුණිය අතර ඇති වූ ආදර පුරාණය අනෙක්පසින්ද තබා “පුන්නා” නම් ශක්තිමත් හුයෙන් අමුණා කතුවරයාගේ පරිකල්පනීය ඉද්දෙන් ගෙත්තම් කළ දුෂ්කර ව්‍යායාමයේ සුපුෂ්පිත කුසුම ලොවීනාය. ඓතිහාසික සිදුවීම් කිහිපයක් ඔස්සේ සිතුවිලි දැහැන් ගත කරවමින් දිග හැරෙන ලොවීනා ඓතිහාසික කතාවක වර්තමාන ඵලයය. ජීව විද්‍යාත්මත්මක වහලෙක් ජීවියෙක් වන මිනිසා තම සිත පතුළටම කිඳා බැස ඇති ජාගර සිතුවිලි තුළ වල් වැදුනු ලිංගිකත්වය සන්තර්පනය කිරීමේ ලාලසාව පෙරදැරි කරගනිමින් සිදු වන ගැහැණියගේ ලිංගික සූරා කෑම අතීතයේ සිට වර්තමානය දක්වාම සිදු වූ හා සිදු වෙමින් පවතින්නක් බවට ලොවීනා අපට දෙස් දෙයි. එසේම ස්ත්‍රිය භාණ්ඩිත තත්වයෙන් ලඝු කර දැක්විය නොහැකි බවත් ඇය මානුෂීය හැඟිම් මඩනාලද්දික් නොවන බවත් ආදරය යනු රතියම නොවන වගත් රතිය යනු ආදරය නොවන වගත් කුලය යනු එක් එක් සමාජ වටපිටාව මත විවිධ වටිනාකම් ජනිත කරන්නක් මෙන්ම විටෙක කිසිදු වැදගැම්මක් නොමැති තත්ත්වයක් බවත් පෙන්නුම් කරයි. සර්බලධාරිත්වය පෙන්නුම් කරන ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් දිගහැරෙන ලොවීනා තුළ අභ්‍යන්තරයේ දිව යන්නේ ගැහැණිය නම් මනුෂ්‍ය දුව අදටත් විවිධ දිශානතිව සිදු කරන පුරුෂ මූලික සමාජයේ ජීවන සංග්‍රාමයයි. ලොවීනා හි එක් චරිතයක් නිරූපණය කරන සසිරා, උපතින් නොව ජීවත් වීමෙන් කළු සමකට උරුමකම් කීම තම කුලයේ පහත්කමින් ජීවිත කාලයේදී අත්විදි අනේක විද සමාජ දුක් ගැහැට ලෙස ලොවීනාහි සංකල්ප රූප නංවයි නම් සසිරාගේ මරණයෙන් මොහොතකට පෙර ඔහුව පිරිසුදු කර එකී කලුපාට සෝදා හැර උපතෙන් ලද සමේ වර්ණය ඉස්මතු කිරීමෙන් කතුවරයා දක්වන්නේ තමන් ශිෂ්ටාචාර ගත වී ඇතැයි වහසි බස් දොඩවන ඊනියා ශිෂ්ටාචාරගත මිනිසා ගොඩ නගා ගත් කුලය තවත් එක් සංස්කෘතික සහ සමාජ සීමා මායිම් නිර්ණය කිරීමේ සළකුණක් පමණක් වන බවත් මරණය අභියස දී සියලු මිනිසුන් එකම කුලකයක අවයවයන් බවත් නොවේද... එනයින් සිදු විය යුතු පුළුල් සමාජ කතිතාවතක අවශ්‍යතාවත් නොවේද..... එසේම ජාතියේ අළු මතින් උපත ලැබූ ලොවීනා තම වර්ගයාට නිදහස් සමාජ දිවිපෙවෙතක් උරුම කර දීම දක්වා වූ සිද්ධි සමුදාය ඉදිරිපත් කිරීමේදී කතාකරු උපයෝගී කර ගත් සංකේතාත්මක භාෂාවත් මායා යථාර්ථවාදයත් කතා කලාවේ කතුවරයා සතු බුහුටිබව සහ ප්‍රතිභාව පෙන්වන ජීවමාන සාධකයෝ වෙත්. එහෙත් ලොවීනා තුළින්, පණ පෙවෙන රොඩී කුලයේ හරස්කඩ ඔස්සේ ගවේෂණාත්මකව සිදු කරන සමාජ විවරණයේදී රොඩී භාෂාවේ යෙදුම් සහිත දෙබස් ඉතා අවම මට්ටමක භාවිතය කතාව පුරාම දැකිය හැකි භාෂාමය දුබලතාවක් ලෙස ගැනිය හැකි වුවත් සමහර විට එකී භාෂා ව්‍යවහාරය යොදා ගැනීමෙන් කතාව පාඨකයා තුළට කිදා බැස්සවීමේ ගැටලු සහගත තත්ත්වයක් කතුවරයා දුටුවේදැයි සැක සිතේ. එසේම අවස්ථා අතලොස්සකදී කුතුවර‍යා පාඨකයා ඉදිරියේ පෙනී සිට කතාව තුළ තම ආධිපත්‍ය පෙන්වීමක්ද දැකිය හැක‍. කෙසේ වෙතත් දස්කොන් හ‍ට සිංහලයේ මනා වූ පද සංයෝගයන් සහිතව කවි නිර්මාණය කිරීමට තරම් වෙනත් රටකින් පැමිණි කාන්තාවක් වූ ප්‍රමිලා බිසව සිංහ‍ලයේ අවුරුදු කිහිපයක් ජීවත් වී ඉතා කෙටි කලක් ඇතුළත සිංහලය ප්‍රගුණ කරන ලද්දීද...... නැතහොත් වෙනත් අන්තඃපුර ලලනාවක් එකී සාහිත්යික නිර්මාණ සඳහා සහය වන ලද්දීද...... තෝමස් මේට්ලන්ඩ් හට ලොවීනා තම සැලමුතු පෙම පුද කළේද.... මේට්ලන්ඩ් ලංකාව හැර ගිය පසු එකී දුක්ඛප්‍රප්තිය අවසන ලොවීනා තම ජීවිතය මහ සයුරේ රළ අතර සැ‍ඟෙවුවාද නැතහොත් ඈ කිසිදු සළකුණක් ඉතිරි නොකර පළා යන ලද්දීද...... වැනි ඉතිහාසගත කතා පුවතේ සැඟවී ගිය අහුකොන් තම පරිකල්පනීය චිත්‍රය තුළ සීමා මායිම් රහිතව විදාරණය කිරීම සඳහා වූ කතුවරයා සතුව ඇති අග්‍රගන්‍ය සාහිත්යික කෞෂල්‍යය ලොවීනා තුළින් පිළිබිඹු වේ.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු305
ISBN9789554690011

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00