
Kumara Siriwardena - කුමාර සිරිවර්ධන
ධනවත් පවුලක උපත ලද ටෙහ්මිනා ද තරුණියක වෙමින් සිහින දුටුවේ යුග දිවියට එළඹ දරුවන් ඇති දැඩි කරමින් සිය සැමියාට හොඳින් සලකාගෙන යහපත් සාමකාමී ජීවිතයක් ගත කරන්නටය. ඇය විවාහ වූයේ පකිස්තානයේ ප්‍රකට දේශපාලඥයෙකු වූ මුස්තාෆා ක්හාර් සමඟිනි. ඇගේ සිහින බිඳ වැටෙන්නට වැඩි කල් ගියේ නැත. ඇය පුරුෂාධිපත්‍ය සහිත වැඩවසම් සමාජයේ ගොදුරක් බවට පත් වූවා ය. අප්‍රමාණ වධහිංසා දරා ගනිමින් ඇය වසර දාහතරක් තිස්සේ සිය කුටුම්භය ආරක්ෂා කර ගන්නට නිහඬ ව වෙර දැරුවාය. අවසානයේ ඇය සිය නිහඬතාවය බිඳ දැමුවාය. ඇය මෙම පොත ලියා ප්‍රකාශයට පත් කළ විට පකිස්තාන සමාජ පදනම මහත් දෙදරුමකට ලක් වූයේය. ඉස්ලාමය මුවාවෙන් පිරිමින් කරන්නා වූ නොපනත්කම් පෙන්වා දුන් ඇය, ඉස්ලාමයෙන් තහවුරු කර ඇති කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැඟුවාය | ධනවත් පවුලක උපත ලද ටෙහ්මිනා ද තරුණියක වෙමින් සිහින දුටුවේ යුග දිවියට එළඹ දරුවන් ඇති දැඩි කරමින් සිය සැමියාට හොඳින් සලකාගෙන යහපත් සාමකාමී ජීවිතයක් ගත කරන්නටය. ඇය විවාහ වූයේ පකිස්තානයේ ප්‍රකට දේශපාලඥයෙකු වූ මුස්තාෆා ක්හාර් සමඟිනි. ඇගේ සිහින බිඳ වැටෙන්නට වැඩි කල් ගියේ නැත. ඇය පුරුෂාධිපත්‍ය සහිත වැඩවසම් සමාජයේ ගොදුරක් බවට පත් වූවා ය. අප්‍රමාණ වධහිංසා දරා ගනිමින් ඇය වසර දාහතරක් තිස්සේ සිය කුටුම්භය ආරක්ෂා කර ගන්නට නිහඬ ව වෙර දැරුවාය. අවසානයේ ඇය සිය නිහඬතාවය බිඳ දැමුවාය. ඇය මෙම පොත ලියා ප්‍රකාශයට පත් කළ විට පකිස්තාන සමාජ පදනම මහත් දෙදරුමකට ලක් වූයේය. ඉස්ලාමය මුවාවෙන් පිරිමින් කරන්නා වූ නොපනත්කම් පෙන්වා දුන් ඇය, ඉස්ලාමයෙන් තහවුරු කර ඇති කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැඟුවාය