
Manjula Senarathna - මංජුල සේනාරත්න
නාන කාමරයේ සීලිමේ අලවා ඇති අලංකාර කඩදාසියේ ඇති අපූරු මල් වැල් රටාවන් මම දුටිමි. මලක් සමග එතෙන වැලක් ඵහි ඇඳී තිබුණි. වැලේ දෑත් මල අල්ලා ගන්නට මෙන් පසුපස යයි. වරෙක මල අල්ලා ගන්නා වැල එය වටා එතෙන්නට උත්සාහ කරයි. එහෙත් එකවර වැලේ පහස ලබන්නට මල අකමැතිය. එකිනෙකාගේ ස්පර්ෂයන්හී සුවය විඳින්නට ක්‍රම සහ විධි බොහෝ ගණනක් තිබියදී එකවරම මල සහ වැල එකනෙක එතෙන්නේ නැත. වරෙක ස්පර්ෂ වෙමින්, තවත් වරෙක ඈත් වෙමින් එකිනෙකා ගේ සිරුරු වල රොන් තවරා ගනිමින් ඔවුහු ප්‍රේම ආලිංගනයේ නිරත වෙති. මලත් වැලක් මේ ලබන්නේ කිසි දිනක නොලද ආශ්වාදයකි. | නාන කාමරයේ සීලිමේ අලවා ඇති අලංකාර කඩදාසියේ ඇති අපූරු මල් වැල් රටාවන් මම දුටිමි. මලක් සමග එතෙන වැලක් ඵහි ඇඳී තිබුණි. වැලේ දෑත් මල අල්ලා ගන්නට මෙන් පසුපස යයි. වරෙක මල අල්ලා ගන්නා වැල එය වටා එතෙන්නට උත්සාහ කරයි. එහෙත් එකවර වැලේ පහස ලබන්නට මල අකමැතිය. එකිනෙකාගේ ස්පර්ෂයන්හී සුවය විඳින්නට ක්‍රම සහ විධි බොහෝ ගණනක් තිබියදී එකවරම මල සහ වැල එකනෙක එතෙන්නේ නැත. වරෙක ස්පර්ෂ වෙමින්, තවත් වරෙක ඈත් වෙමින් එකිනෙකා ගේ සිරුරු වල රොන් තවරා ගනිමින් ඔවුහු ප්‍රේම ආලිංගනයේ නිරත වෙති. මලත් වැලක් මේ ලබන්නේ කිසි දිනක නොලද ආශ්වාදයකි.