
කාවින්ද්‍යා රත්නායක - Kavindya Rathnayake
"මට ඒ මතක හරි බරයි රාධ්... හරි බරයි...” ඇය හඬමින් කෑගසමින් කියාගෙනම අනුරාධගේ පපුවට වාරු වූවාය. අනුරාධ ඇයව කියවමින් සිටියේය, අසීමාන්තිකව ඉවසමින් සිටියේය. උමායාගේ සියළු හැසිරීම් ලඝු කොට එක් නිගමනයකට පැමිණීමේ අසීරු කර්තව්‍යය ඉදිරියේ ඔහු තම අභියෝගාත්මක දිවියේ අසීරුතම කාර්‍යය සඳහා සිත සූදානම් කරගත්තේය. "ඩොක්ටර් මම කැමතියි උමීට මෝහන ප්‍රතිකාර කරන්න” අවසානයේ තම ජංගම දුරකතනය අංකනය කළ ඔහු, එවදන් මුවින් පිට කළේය.