විසි වසරකට පෙර සොහොන් බිමක
මිහිදන් කළ ප්‍රේමය...
යළිත් හුස්ම ගන්නට
පටන් ගෙන ඇත.
අතීතයේ ලේ තැවරී
මග හැරුණු පිටුවක,
නොලියවුණු පසුවදන
සොයා යන මේ ගමන..
මරණය පරාජය කරමින්
යළිත් ලියැවෙන
අසම්මතයක අවසන් තීන්දුවයි.
ලෝකෙට පෙන්න පිපෙන්න බැරි
වුණාට මොකද
උබේ පය පාමුලම පරවෙන්න
ලැබෙනවා නම්,
මට ඒ විතරක්ම ඇති.
ඉතින් තාමත් අහනවාද
ආදරෙයිද කියලා?